15 වන කොටස

631 133 5
                                    

පැංචට මගේ ලග ඉන්න වෙලාවක් නෑ.... හරියට ගෙදරට නෑදෑයෝ ඇවිත් වගේ... එක අතකින් නැදෑයෝ තමයි.... මිනිස්සු කොයි තරම් හැගිම්වලින් තවත් මනුස්සයෝ එක්ක බැදෙනවාද කියන එක හරි පුදුමයි..... පොඩි වෙලාවක් ඇති... ඊට පස්සේ ඒ අදුන ගත්ත එකා වෙනුවෙන් පණ දෙන එක වෙන්න ඕනේ මේ තරමට හැමෝටම වරදින්නේ....

අනිත් අතට බලන කොට මේ ලෝකේ කිසිම මනුස්සයෙක් සර්ව සම්පුර්ණ නෑ කියලා හිතෙවා..... ඕනම මනුස්සයෙකු ගාව අඩුපාඩු තියෙනවාමයි...... මේ ලෝකේ ඉන්නේ අඩුපාඩු අඩු සහ වැඩි කියලා කොටසක් විතරයි... කලු මිනිස්සු කියල වත් සුදු මිනිස්සු කියලවත් කොටසක් නෑ.. ඉන්නේ දෙකම අඩු වැඩි වශයෙන් තියන අලු මිනිස්සු...

"ආ... බලාගෙන ඇහේ පොට යයි.... කරකවන කරකැවිල්ල බලහල්ලකෝ...."

"අනේ මේ පැංචෝ... උඹ මාත් එක්ක ඇවිත් මාව මෙහෙම තනියෙන් දාලා හැමතැනම දුවන එක හරිද...."

"සොරි අයියා... මොනා කරන්නද උඹ දන්නේ නෑ සමහරක් උන් මාව පුංචි කාලේ නාවපු උන්... සමහරක් වෙලාවට මාරගත්ත ඒ වගේම ආදරයෙන් බලාගත්ත උන්...ඔය අතර ඇගේ චූ දාපු උනුත් ඉන්නවා... උන් ගාවට යැවෙනවා නෙවේ බන් නිකම්ම දුව වෙනවා... උන්ට අපි ඇරෙන්න අපිට උන් ඇරෙන්න මේ ලෝකේ කවුද ඉන්නේ......."

ඇත්තටම නිකම් ජෝක් එකකට මම කිව්ව දේට පැංචා ඒවගේ දෙයක් කියාවි කියලා හීනෙන්වත් හිතුවේ නෑ... ඇත්තටම ඒ දේ කොයි තරම් ඇත්තද..... අපි ජිවිතේ මේකයි කියලා තෝරගන විදින විදිහ.... හීන දකින විදිහ...

"අම්මා තාත්තා එක්ක පවුලක් ඇතුලේ හැදුන ඔයාලට ඒ හැගිම තේරුම් ගන්න බෑ අභි අයියා..."

"අපෝ මේ.... වෙලාවකට උඹලා අපිට වඩා වාසනාවන්තයි... මොකද උඹලට හිත රිදෙව්වා කියලා හරි රන්ඩු කලා කියලා හරි බෙදාගන්න බැරිව මාරගන්න කවුරුත් නෑ... අඩුම ගානේ පණ වගේ ආදරය කරන අම්මා තාත්තා මැරෙනවා කියන දේ වෙනුවෙන් අඩන්න ඒ වේදනාව විදින්න වෙන්නේ නෑ... තමන්ගේ එකම සහෝදරයා සහෝදරිය හිතුවක්කාරකමට කාසාදයක් කරගත්තා, පුංචි කාලේ ඉදලා ජිවත් වෙච්ච ගෙදර දෙකට බෙදාගන්න නඩු දැම්මා කියලා අඩන්න වේදනා විදින්න ඕනේ නෑ... මොන විදිහේ උනත් බැදිම් කියන්නේ තවත් වේදනාවට කියන නමක් විතරයි... ඒත් අපිට ඒ වේදනාව නැතුව ජිවත් වෙන්න බෑ.... උඹලා අපිට වඩා සැහැල්ලුවෙන් ජිවත් වෙන්වා... මොකද උබේ ඔලුවේ බරක් නෑ... ඒත් මම මගේ නංගි මල්ලි ගැන බලන්න ඕනේ... ලොකු අයියා නැති නිසා අයියා විදිහට ලොකු පුතා විදිහට සම්පුර්ණ පවුල ගැනම බලන්න ඕනේ.... ඉතින් තාමත් උඹ කියනවද බැදිම් එක්ක ජිවත් වෙන එක සැපයි කියලා...."

A Sign of Affection || YizhanWhere stories live. Discover now