20 වන කොටස

637 133 34
                                    

මම කිව්වේ... උඹ මාව පිස්සු වට්ටලා පිස්සන් කොටුවේ ඇඩ්මිශන් ෆෝම් එකේ ලෙඩාගේ භාරකාරයා විදිහට උබේ නම්න් මාව ඇඩ්මිට් කරන කාලය වැඩි ඈතක නෙවෙයි මන්දේව්...

උබේ මේ පුංචි වචන කීපයට මාව යට වෙලා පොඩි වෙලා තිබුන වේදනාවන් ඔක්කොම නැති වෙලා ගිහින් හිත සැහැල්ලු වෙලා... උඹ ඇත්තටම වෛරස් එකක්.... මට මාව පාලනය කරන්න බැරි තරමට උඹ මාව වෙනස් කරලා....

"මොකෝ... තව කාට හරි මැසේජ් කරනවා වෙන්න ඇති නේද.... හරි එහෙනම් හෙට හම්බවෙමු...."

"බූරුවෝ.... මම ඉන්නේ මගේ කාමරේ... ස්කූල් එකේ... නැතුව ඇදේ පෙරලි පෙරලි නෙවෙයි... උඹත් එක්ක මැසේජ් කරනවාට පඩි ගෙවනවා නම් අන්න උඹට පුලුවන් මම උඹ වෙනුවෙන් ඇප කැප උන සේවය පැහැර හැරලා කටයුතු කරා කියලා චෝදනා කරන්න...."

"ඇති ඇති.... මහා පණ්ඩිතයෙක් උඹ නම් අයියා.... ඒත් මූනට මූන හම්බවෙන කොට....."

"ඇයි එත කොට මොකද...."

"කුරුමානම් අල්ලන්නේ මහම මහා හොරපුස් තඩියෙක් වගේ....."

"ඇත්තද... ඔවු ඉතින් කුප්පමේනියා මුලේ සුවදට තමයි කුරුමානම් අල්ලන්නේ...."

"ඇත්තද.....හරි හරි දැනටමත් මේ ඇම්ඩන්ලා ටික මගේ දිහා බල බල මොනාදෝ කියවනවා....එහෙනම් වරද්දන්නේ නැතිව වරෙන් හරිද.......ආ....මේ මොනාද උඹ කන්න කැමති...."

"උඹව තමයි කන්න කැමති........"

"ඇත්තද... රොස් කරලාද උයලද දන්නේ නැ..."

"අමුවෙන්...."

"බුදු අම්මෝ.... ඒ කියන්නේ උඹ තාමත් ඝණ ගෝත්‍ර යුගයේද ඉන්නේ බන්...."

"නෑ අර නැට්ට වැටෙන්නත් ඉස්සෙල්ලා කාලේ..."

"අපරාදේ නැට්ට..."

"ඔවු තිබුනම් නැටි දෙකයි....."

"අයියේ මම කිව්වයි කියලා හිතාගනින්.... මේ... මේ... හරි හරි වැඩ කරමු... වැඩ කරමු... අනික උඹ ඇන්ටාටිකාවේ හිටියට අපි ඉන්නේ සමකය ආසන්නව...."

"මොකක්....."

"මොකක් කියන්නේ උඹට ඕන තරම් ගහන්න අයිස් තිබුනට මෙහෙදි අයිස් දිය වෙනවා කියලා කිවේ... උඹ නිකන් පුටුවේ කැරකි කැරකි හිටියට අපිට වැඩ තියනවා...."

A Sign of Affection || YizhanWhere stories live. Discover now