"උඹට ලයිට් එක තියන කොට අමාරුද බන් අභි...."
"නෑ බන් අවුලක් නෑ... උඹ වැඩේ කරගනින්...."
"මේ ඇත්තටම උඹ මාර හොද එකෙක් බන්..... අර කිව්වත් වගේ මම කියවන එක අඩු කරගන්නම්... මේ මගුල දික්කසාද නොවි අපි දිගටම කමු..... මට මේ ආත්මෙදි නම් උඹට වඩා හොද එකෙක් ආයේ හම්බ වෙන්නේ නෑ...."
"පිස්සා...."
අපි දෙන්නම හිනාවෙන්න ගත්තා... අර කිව්වාත් වගේ මටත් උඹට වඩා හොද එකෙක් හොයාගන්න බැරිවෙයි....
අලුත් පරිසරයේ දවසක් ගෙවිලා අලුත් දවසක් උදා වෙනකොට මගේ ජිවිතේ ගොඩක් දෙවල් වෙනස් උනත් විටින් විටේ පපුව ඇතුලතින් මතු වෙලා ඇවිත් පපුව හිර කරලා දාන ඒ හැගීමේ අංශු මාත්‍රයක්වත් අඩුවෙලා නෑ කියලා දැනුනා... කොහෙන් ගිහින් හරි මේ හිත නතරවෙන්නෙම මගේ දේව් ලග... වෙලාවකට හැමදේම අමතක කරනවා කියලා උඩ පැනගෙන ෆෝන් එක පිරෙන්න තියන හැම ෆොටෝ එකක්ම ඩිලීට් කරලා දාන්න හැදුවත් එක ෆොටෝ එකක් වත් ඩිලීට් කර ගන්න තරම් හිතට ශක්තියක් නෑ කියලා දැනුනා.... ඇත්තටම මට නොදැනුනාට මම ඌට මගේ හිතෙන් කොයි තරම් ආදරය කරලා තියනවද කියන එක මටම හිතාගන්න බෑ....
කොහොම උනත් මේ ජිවිතේදි දරාගන්න පුලුවන් උපරිම සීමාවට දරාගෙන ජිවත් වෙන්න මම උත්සහ කරනවා.... හැමදේම වෙන්නේ හොදටයි කියලා ජොබ් එකේ ටිකක් වැඩ වැඩි ගතිය මගේ හිත එක අරමුණකට ගේන්න සමත් උනා......
"ඒ බලාගෙන බලාගෙන...."
වැඩ ඇරිලා පාර දිගේ එන කොට අශ්වින් එක පාරම බයික් එක මගේ ඇගට කපලා නතර කරන ගමන් කෑගැහැව්වා....
"පිස්සුද යකෝ... "
"අනේ නෑ බන්.... මේ මැගේ හැටි... "
"ඒක තමයි ගෙම්බෝ පිස්සුද කියලා ඇහැව්වේ තොට...."
"හරි හරි අඹු සැමියන්ගේ රන්ඩු සරුවල් පාරදි තියෙන්න හොද නෑ..... නැගහන්... නැගහන්...."
"ඇත්තද.... දැන් හෙල්මට් නැතිව ගිහින් පොලිස්සියෙන් ඇල්ලුවොතින් කසාද සහතිකේ පෙන්නලද පොලිසියෙන් බේරෙන්න හදන්නේ..."
"අයියෝ කිසි අවුලක් නෑ බන්... මෙහේ ඉන්න ට්‍රැෆික් පොලිස් කාරයෝ හැම එකාගෙම පොඩි උන් මගේ ක්ලාස් වලට එන්නේ...."
![](https://img.wattpad.com/cover/335123372-288-k340482.jpg)
YOU ARE READING
A Sign of Affection || Yizhan
Fanfictionතෑගි පැක් කරන්න ගිහින් මට පිස්සු වගේ. කවදා කාපු ටකරන්ද. මීට ඉස්සේල්ලා පොඩි එකෙක්ගේ බර්ඩේ එකටවත් ප්රසන්ට් එකක් පැක් කරලා නෑ. තියන හදිස්සියට තෑගි ටික පැක් කලත් ඔක්කොම ටික හරියට පැක් කලාද කියලා චෙක් කරගන්න බැරි උනා. හැබැයි එකක් හරි අඩු වෙලා තිබුනොතින්...