"ආ... ගුඩ් මොනින්... කෝ අපිට ෆස්ට් සැලරි එකෙක් මුකුත් ගෙනාවේ නැද්ද...."
තෙනුජ හිනාවක් දාගෙන මගේ පැත්තට එනවා දැක්ක මගේ ඇස් හේව්වේ එයාවයි.......
"ආ ගෙනාවා... දහයට තේ බොන වෙලාවට දෙන්නම්.... කෝ මන්දේව්......"
"ඇයි ඌ ගැන අහන්නේ..."
"නෑ නිකන්...."
"නිකම්?"
"නිකන් බන් බන්... "
"අපෝ තොටත් උගේ ලෙඩේ බෝ වෙලාද කොහොදෝ... ඌටත් අමුතුම ලෙඩක් හැදිලා.. පොඩ්ඩ ඇත්නම් තරහ යනවා.... විහිලුවක් කරන්න බෑ.... අනේ මන්දා මේ මිනිස්සුන්ගේ වෙස් පෙරලෙන විදිහ මටම හිතාගන්න බෑ... කොයි වෙලෙත් ෆෝන් එක දිහා බලාන කල්පනා කරවා... "
"වෙන මොනා හරි ප්‍රශ්ණයක්ද දන්නේ නෑනේ..."
"ඔවු වෙන්න ඇති උගේ අහවල් එකේ... "
"ඇත්තට... එහෙනම් මද කිපිලද දන්නේ නෑ......"
අපි දෙන්නාම එක පාර හයියෙන් හිනා වෙන්න ගත්තා.....
"අම්මෝ අභියා උඹත් ඉදලා ඉදලා කියන කතා නම්... කියන්න බෑ... කොහොමත් අල මෝරලා වැල් බැහැලා ගෙඩි හැදිලා වැඩිලා ඇතිනේ......"
අපි දෙන්නා ආයෙමත් හිනාවෙන කොට එතනින් මන්දේව් ගියේ අපි දෙන්නවම අදුනන්නේ නෑ වගේ මූනත් දික්කරගෙන පුරුදු විදිහට ඔරවගෙන යනවා දකින කොට මගේ සතුට ආයෙමත් පරණ පුරුදු වේදනාවට හැරුනා.....
"හරි කොල්ලෝ මම අරූගේ මූන දික්වෙච්ච කාරණය හොයාගන එන්නම්... අත දරුවෙක් වගේ වෙලාවකට.... "
"ඇත්තට එහෙනම් ඌ අඩන කොට කිරිත් එරෙනවා ඇති......"
"ආ... ඒවා අඩන්න ඕනේ නෑ... කොයි වෙලාවෙත් එරිච්ච ගමන් තියෙන්නේ කොච්චර දෙව්වත් තව විනාඩි පහකින් ආයෙමත් දොවන්න පුලුවන්....."
"අයියෝ....... මගේ කට... බුරුවා.... "
මම තෙනුජගේ පිටට ගහගෙන ඔෆිස් එක පැත්තට ආවා....
"ආ.... අභි කොහොමද......."
ඔෆිස් එකේ වැඩකරන කුමාර අයියා මාව දැක්ක ගමන් හිනාවක් දාගෙන කතා කලා.....
"හොදින් ඉන්නවා අයියා......"
"මල්ලි කොයි බෑංක් එකෙන්ද ගන්න හිතාන ඉන්නේ......"
![](https://img.wattpad.com/cover/335123372-288-k340482.jpg)
JE LEEST
A Sign of Affection || Yizhan
Fanfictieතෑගි පැක් කරන්න ගිහින් මට පිස්සු වගේ. කවදා කාපු ටකරන්ද. මීට ඉස්සේල්ලා පොඩි එකෙක්ගේ බර්ඩේ එකටවත් ප්රසන්ට් එකක් පැක් කරලා නෑ. තියන හදිස්සියට තෑගි ටික පැක් කලත් ඔක්කොම ටික හරියට පැක් කලාද කියලා චෙක් කරගන්න බැරි උනා. හැබැයි එකක් හරි අඩු වෙලා තිබුනොතින්...