09 වන කොටස

742 152 14
                                    

විජේසිංහ මහත්තයා ගියත් එක්කම ෆෝන් එක රින්ස් ගියා....ඇත්තටම මේක ආන්සර් කරනවා කියන්නේ බෙල්ලේ වැල දාගන්නවා ඊට හොදයි...මුල් දවස්වල එපාම උනා... මම මෙතන කිසිම දෙයක් දන්නේ නැතිව උත්තර දෙන්න විදිහක් නෑනේ.....

"හෙලෝ ගුඩි මොනින්.."

"ආ.... උදේට කියන්නේ ගුඩ් මොනින් කියලා තමයි... මේ නැදුම්ගහ වලව්වේ ඔෆිස් එකද..."

"ආ... ඔවු කවුද ඔබතුමා....."

"මට ග්‍රෑම්සියක තේ කුඩු ටිකක් ගන්න බැරිවෙයිද...."

මාව කවුරු හරි අන්නදවා කියලා දැනුනා... ඒත් කවුද....

"සොරි... මට තේරුනේ නෑ....."

"අයියෝ... තේ කුඩු... තේ කුඩු... නැතුව පොල් කුඩු නෙවේ......"

ඒ පාර නම් කවුද කියලා ගානට මීටර් උනා....

"සොරි මහත්තායා අපි බිස්නස් එක මාරු කලා... දැන් පොල් කුඩු බිස්නස් එකට තමයි බැහැලා ඉන්නේ... මහත්තයා ගාවත් මම හිතන්නේ කිලෝ තුන හතරක් ඇති මගේ හිතේ....."

"අනේ මේ මම කිව්වයි කියල හිතාගනින් බුරුවා....තෝ මම ඉන්නවාද මළාද කියලා බැලුවද ගස් නරියා....."

"මේ නිකන් නැට්ට උඩ වාඩිවෙලා කෑගහන්න එපා මොඩයෝ... මම තොට මගේ අහවල් එකෙන් කතා කරන්න කියලද කියන්නේ..."

"ආ... ඔවුනේ.. එකනම් ඇත්ත බලන් යන කොට ඇන්ටෙනා එක දිග තිබුනට සිග්නල් වැඩ කරන්නේ නැනේ ....ඇයි යකෝ උඹ දැන් ඔය කතා කරන්නේ උබේ අහවල් එකෙන්ද....."

"ඇත්තමයි ලග පාතක හිටියනවා නම් මිරිකනවා තොගේ බෙල්ල....බුරුවෝ මේක ඔෆිස් ෆොන් එක බන්... ඒකත් යාන්තන් රිසිවර් එක විතරක් උස්ස ගන්න පුලුවන් වෙන්න පරණ තාලේ ලොකු ලී පෙට්ටියක් ඇතුලට බස්සලා තඩි ඉබ්බෙක් දාලා තියෙන්නේ..... බුරුවා...."

"අනේ සොරි බන්.... උඹ ඉදලා ඉදලා ගිහින් තියෙන්නේ මසුරු සිටානන් කෙනෙක් ගාවටනේ.. උඹ මෙහෙන් ගිහින් දැන් මාසෙකටත් කිට්ටු වෙන්න එන නිසා බැලුවේ මොකද උඹට වෙලා තියෙනනේ කියලා......"

"මේ ඒකෙන් වැඩක් නෑ.... වැඩ ඇරෙන වෙලාවට හෙල්මට් එකක් හොයාගෙන වරෙන්කෝ... අද මට හාෆ් ඩේ එකක් දුන්නා ගෙදර ගිහින් එන්න කියලා..... ඒක නිසා හම්බුනු චාන්ස් එකෙන් ගෙදර ගිහින් එන්න ඕනේ...."

A Sign of Affection || YizhanWhere stories live. Discover now