පාන්දරම හිස් බඩින් පිටවෙච්ච ගමන නිසා ටිකෙන් ටික පපුවත් එක්ක හිරකරනවා වගේ දැනෙනවා....
වේදනාව කියන්නේ මගේ ජිවිතේට අලුත් දෙයක්වත් ආගන්තුක දෙයක් නෙවේ.... දෙයක් තේරෙන තේරුම් ගන්න පුලුවන් වයස වෙන කොට ජිවිතේ ඉස්සේල්ලාම තේරුම් ගත්තේ දුක කියන දේයි කියලා මට හිතෙනවා...දෛවය කියන්නේ කිසි දවසක මිනිස්සුන්ට එක හැන්දෙන් බෙදන දෙයක් නෙවේ කියලා මට දැනෙනවා... මොකද ජිවිතේ හෙට හොදවෙයි අනිද්දා හොදවෙයි ඉන් අනිද්දට ජිවිතේ වෙනස් වෙයි කියලා මම හීන දැක්කත් ඒ හීනයක්ම විතරයි කියලා දැනුනා...... ජීවිතේ කවදාවත් මේ වෙනකම් මම ආසකරන දෙයක්වත් බලාපොරොත්තු වෙන දෙයක්වත් කවදාවත් සිද්ද වෙලා නෑ... ඒත් අඩු පාඩුවක් නොතියා හැමදාමත් සිද්ද වුනේ මම බලාපොරොත්තු නොවුන දේවල්ම තමයි... මමත් මේ ජිවිතේ වෙනස් විදිහට විදින්න දකින ආසා කරන මනුස්සයෙක්....හැම කරදරයක්ම එක පිට එක අපේ ජීවිත වලට එන කොට අම්මා අඩ අඩ ඔලුවේ අත් දෙක ගගහා...
"මේවා උඹලා අපි එකට පතාගෙන කරගෙන ආපු පූරුවේ කරුම "
කියලා කියන කතාව ඇත්ත කියලාත් හිතෙනවා...... ඒත් පුදුමත් හිතෙනවා ජීවිතේ මේ තරමට විනාශ වෙලා ගිහින් තියන කොටත් මැරෙන්න හිතෙන්නේ නැතිව තව තවත් ජිවත් වෙන්නමයි හිතෙන්නේ...
එන්න එන්නම බඩේ වේදනාව වැඩි වෙන කොට මම එහේම්මම නැමිලා ඔඩෙක්කුවේ තියාන හිටිය බෑග් එකෙන් ඔලුව තියාගත්තා..... දැන් නම් දරාගන්න අමරුයි වගේ... බස් එක බ්රෙක් කරන කරන වාරයක් ගානේ මගේ වේදනාව තවත් වැඩි වෙනවා.....
"මල්ලි ඔයාට මොකක් හරි අසනීපයක්ද....."
ලග වාඩිවෙලා හිටියේ කවුද කියලවත් බලන්න තරම් මතකයක් තිබුනේ නැතුව හිටපු මම ආමාරුවෙන් ඔලුව උස්සලා බැලුවා..... ඔෆිස් යන කෙනෙක් වගේ බැලු බැල්මට පෙනුනේ.....
"ඔයා මොනා හරි අසනීපයකින්ද මල්ලි ඉන්නේ...."
මම උත්තරයක් නොදි මිනිහගේ මූන දිහා බලාන ඉන්න නිසාද කොහෙද මිනිහා ආයෙමත් ඇහැව්වා....
"නෑ... මේ... උදේට කන්නේ නැතිව ආවා පරක්කු වෙලා නිසා.... දැන් ගෑස්ට්‍රික් වගේ... ඒකයි...."
![](https://img.wattpad.com/cover/335123372-288-k340482.jpg)
YOU ARE READING
A Sign of Affection || Yizhan
Fanfictionතෑගි පැක් කරන්න ගිහින් මට පිස්සු වගේ. කවදා කාපු ටකරන්ද. මීට ඉස්සේල්ලා පොඩි එකෙක්ගේ බර්ඩේ එකටවත් ප්‍රසන්ට් එකක් පැක් කරලා නෑ. තියන හදිස්සියට තෑගි ටික පැක් කලත් ඔක්කොම ටික හරියට පැක් කලාද කියලා චෙක් කරගන්න බැරි උනා. හැබැයි එකක් හරි අඩු වෙලා තිබුනොතින්...