28 වන කොටස

418 105 9
                                    

විජේසිංහ මහත්තයා දිගටම කතා කරගන ගියා...

"ඔයා දන්නවද අභිමන්ත මේ කම්පැනි එක මේ තරමට දියුණු වෙන්න හේතුව....."

"නෑ..... "

"අඩියක් පස්සට යද්දි ආපහු ඉස්සරට එන්නේ අඩි දෙකක ගැම්මකින්..... බිස්නස් එක වැටුන හැම වෙලාවෙදිම ආපහු නැගිටිටේ දෙගුණයක ශක්තියෙන්.... ඒ කිසිම දෙයක් කිසිම විශ්වවිද්‍යාලයකදි උගන්වන්නේ නෑ... ඒක ඒ ඒ මනුස්සයාගේ ඇගේ තියන දෙයක්.... ඒක කරන්නේ කොහොමද කියන දේ තමන් මයි හොයාගන්න ඕනේ... මොකද වැටුනාම අත දිලා නැගිට්ටුවොත් එතන නැගිටීමක් නෙවෙයි ගැති භාවයක් තියෙන්නේ..... ඊටපස්සේ දිගින් දිගටම අපි වැටෙන හැම වෙලාවකම දෙපයින් නැගිටින්න තව කෙනෙක්ගේ සහය බලාපොරොත්තු වෙනවා... සොරි... මම උදේ පාන්දර විකාර කියනවද මන්දා... ඇත්තටම මම ආවේ ඊයේ අවුලෙන් හිටිය නිසා අභිමන්තට අදත් මාත් එක්ක ඔෆිස් එකේ වැඩ කරමුයි කියන්න....."

"හරි මම එන්නම් විජේසිංහ මහත්තයා..."

විජේසිංහ මහත්තයා හිනා වෙලා මගේ ඔලුව අතගාලා දොර ලගට ගිහින් ආපහු හැරුනා.....

"මම හිතන්නේ ඕය ලියුමේ තියෙන්නේ අලුත් ආරම්භයකට හොද අවස්තාවක් කියලා.... ජිවිතේ කියන්නේ මම දකින විදිහට එකතැන පල් වෙන්න ඕන දෙයක් නෙවේ.... කාලෙන් කාලෙට වෙනස් වෙන්න ඕන දෙයක්.... ජිවිතේ කියන්නේ රාමුවක් ඇතුලේ දකින්න ඕන හීනයක් නෙවේ.... සමහරක් වෙලාවට ජිවිතේට එන ප්‍රශ්න වලට උත්තර හොයන්නේ වෙන්නේ ඒ ප්‍රශ්නෙ සම්පුර්ණයෙම අත ඇරලා දාලා අලුත්ම විදිහට ජිවිතේ පටන් අරගෙන.... පස්සේ හිමිහිට අර අතෑරලා ගිය ප්‍රශ්නෙට උත්තර හොයාගන්න ඕනේ... ඒක නිසා පොඩ්ඩක් වෙනස් විදිහට හිතන්න... වෙනස් විදිහට ජීවත් වෙන්න, වෙනස් විදිහට ජීවිතේ දකින්න පුරුදු වෙන්න..... අලුත් ජොබ් එක අලුත් පරිසරයක අලුත් ජිවිතයක් විදිහට පටන් ගන්න පුලුවන් වෙයි....පොඩ්ඩක් ඒක ගැනත් හිතලා බලන්න... "

මම මුකුත්ම නොකියා විජේසිංහ මහත්තයා කියන දේ අහගෙන හිටියා.... ඒ කිව්ව දේවල් එක්ක එච්චර පහසුවෙන් අතීතය අමතක කරලා වෙනස් වෙන්න බැරි උනත් මම වෙනස් වෙන්න ට්‍රයි කරන්න ඕනේ කියනදේ හිතට දැනුනා...

A Sign of Affection || Yizhanजहाँ कहानियाँ रहती हैं। अभी खोजें