විජේසිංහ මහත්තයා ධනාත්මකව හිතන විදිහ ඇත්තටම හරිම සුන්දරයි.....
නිකන් ඉන්න වෙලාවට විජේසිංහ මහත්තයා කියපු දේවල් මගේ මතකෙට එනවා..... හරියට අර හැම වෙලාවෙම කියන කතාව වගේ
"අද වහිනවා නම් වැහැපුදෙන්.... ඉර එලිය වැටෙන්නේ නැතිව දවසම වැහැපුදෙන්... ඉතින් මොකද... අනිවාර්යෙන් හෙට නැත්නම් අනිද්දට ඒ කලු වලාකුලු අයින් වෙලා අහස පැහැදිලි වෙලා ඉර එලිය වැටෙන්නම ඕනේ.... අපේ ජිවිතේ ප්‍රශ්ණත් ඒ වගේම තමයි පුතා... වැඩි හිතන්න එපා...."
ඒ වචන මගේ කන් ඇතුලේ දෝංකාර දෙනවා....
"ඒත් සර්... ඒත් මට ඔයාලා හැමෝම දාලා යන්න වෙනවා... ඒ ගැන හිතන කොට නම් අවුල් වගේ....."
"වෙලාවකට වාරා මලක් වගේ සැහැල්ලු වෙන්න උත්සහ කරන්න අභිමන්ත.... හැමදෙම අතාරින්න පහසු වෙන විදිහට අල්ල ගන්න උත්සහ කරන්න.... අනික බය වෙන්න එපා... අතෑරියා කියලා බිම වැටෙන්නේ නෑ... මොකද එක අත්තක් අතාරින්නේ තව අත්තක් අල්ලගෙනනේ.... කිසිම දෙයත් තදින් අල්ල ගන්න එපා.... අපි හැමෝම ජිවිත කාලේම එකට ඉන්න ආපු අය නෙවෙයි... අපේ අරමුණ අපේ ජිවිත වෙනස් වෙන කොට අපි ඒ අරමුණුත් එක්ක අපේම කරගත්ත අය අතෑරලා අපේ ජිවිත හොයාගෙන යන්න වෙනවා... ජිවිතේ කියන්නේ ඒකට තමයි..."
"ඒත් විජේසිංහ මහත්තයා මම ඔයාලා ඔක්කොම දාලා යනවනේ....'
"බැදීම් හදාගත්තට බැදිම් පවත්වගෙන ගියාට එවා අල්ලගෙන යන්න එපා අභිමන්ත.... අල්ල ගෙන අරන් යන දේට වඩා අතෑරලා යන දේ පහසුයි.... ගමන ගොඩක් දිග නම් යන්න තියන පාර ගොඩක් දුෂ්කර නම් හොදම දේ ඔයා කරේ එල්ලන් ඉන්න බෑග් එකේ තියන අත්‍යාවශ වෙන්නේ නැති දේවල් දාලා බර සැහැල්ලු කරගන්න එක දරුවෝ... අන්න එතකොටයි අපේ ගමන අපිට යන්න පුලුවන්... එහෙම බර සැහැල්ලු නොකර ගත්තෝතින් ගමන හරිම අමාරුවෙන් තමයි යන්න වෙන්නේ... වෙහෙසකර බව වගේම වේදනාවත් වැඩියි.... ඒක නිසා අනව්‍ය දේ අතාරින්න මොකද අතාරින එකේ වේදනාවට වඩා බලෙන් අතාරින්න බැරිව ඇදගෙන යන එකේ වේදනාව වැඩියි.... කාලය හරිම ඉක්මනටම මේ දැන් බැදිලා තියන බැදීම් වල ගැට බුරුල් කරලා බැදීම් ලිහිල් කරලා දානවා.... ඒක තමයි ලෝක ස්වභාවය.... ඔයා ගියත් මමත් පුරුද්දට වගේ ඔයාගේ නම කියලා කතා කරයි... මේසේ පුටුව දකිනකොට උඹව මතක් වෙලා දුක හිතෙයි... සමහරක් විට වෙන කවුරුහරි ඔය සීට් එකට එයි... මේ බැදිච්ච මතකයන් මතකයන් විදිහටම හිතේ ඉතුරු වෙලා වේදනාවන් මැකිලා යයි.... මේ ලෝකේ හරි ලස්සනයි වගේම විශාලයි අභිමන්ත... පොඩ්ඩක් නිදහසේ පියාඹලා බලන්න... එක සීමාවකට එක කොදෙව්වකට සීමා වෙන්නනේ නැතිව නිදහස්ව ජීවත් වෙන්න බලන්න..."
YOU ARE READING
A Sign of Affection || Yizhan
Fanfictionතෑගි පැක් කරන්න ගිහින් මට පිස්සු වගේ. කවදා කාපු ටකරන්ද. මීට ඉස්සේල්ලා පොඩි එකෙක්ගේ බර්ඩේ එකටවත් ප්‍රසන්ට් එකක් පැක් කරලා නෑ. තියන හදිස්සියට තෑගි ටික පැක් කලත් ඔක්කොම ටික හරියට පැක් කලාද කියලා චෙක් කරගන්න බැරි උනා. හැබැයි එකක් හරි අඩු වෙලා තිබුනොතින්...