07 වන කොටස

796 147 9
                                    

උදේ වෙනදා පුරුද්දට පාරට දුවගෙන ආවත් හිතේ කිසිම සතුටකින් නෙවේ ආවේ... හැම වෙලාවේම මගේ ජිවිතේ මම ආස කරන දේ උදුරගෙන මම අකමැති දේම මට දෙන්නේ ඇයි කියන එක කියන්න තේරෙන්නේ නෑ... ඒ වගේම ලැබිච්ච දෙයින් හිත හදාගන්න හිතට බලකරන්න සිද්ද වෙලා තියනවා...

"මොකෝ මේ... කාගේ හරි ඉලව් ගෙදරකද යන්නේ....."

මගේ මූඩ් එක අවුල් කියලා දැක්ක ගමන් නිවාන් හිනාවෙලා ඇහැව්වා....

"මගේම තමයි වෙන කාගේද..."

"බුරුවෝ කට වහගනින් මුසල කතා කියන්නේ නැතිව....."

"හරි හරි යමන්..."

මම හෙල්මට් එක දාගේන බයික් එකට නැග්ගත් වෙනදා වගේ හිත සැහැල්ලු නෑ... ඒ සැහැල්ලු නැති කම නිසාම වෙනදා වගේ නිවාන් කියන ඒවට උත්තර බදින්නේ නැතුව ඌ කියන ඒවා අහගෙන සද්ද නැතිව ආවා...

"ආ මෙන්න තැන තැනට ආවා...."

බයික් එක ලොකු ගේට් එකක් ලග නතර කලා.....වලව්වක් කිව්වාහම මගේ හිතේ යන්තමින් මතු වෙලා තිබුනේ ගොඩක් පරණ තාලේ බිත්ති...
අවපැහැ වෙච්ච නිකන් හොල්මන් විමානයක හැගිමක්... ඒත මගේ ඇස් ඉස්සරහ තියන වලව්ව තනිකර පරණ තාලය එහෙම්ම තියාන සම්පුර්ණයෙන් අලුත් කරලා තියන වලව්වක්... හරියට පරණ තාලෙට හදපු හොටෙල් එකක් වගේ...... ගේට් එකේ ඉන්න සිකියුරිටි පෙන්නපු පැත්තට අපි දෙන්නා ගියා.... වලව්වේ පැත්තකට වෙන්න පොඩි ලස්සන ඔෆිස් එකක් තිබුනත් ඒකේ කවුරුවත් නෑ වගේ.....

"මේ මහත්තයලා කාවද බලන්නේ....."

එක පාරම අපි දෙන්නාගේ පිටිපස්සේන් ආපු හඩක් නිසා දෙන්නම ගැස්සිලා උඩගියා....... කොන්ඩේ බාගෙට බාගයක් සුදු වෙච්ච වයසට වඩා ලොකු වයසක් පේන කෙනෙක් අපේ පිටිපස්සෙන් හිටගන අපි දිහා බලාන ඉන්නවා....

"අපිට මේ මිස්ට විජේසිංහව හම්බ වෙන්න පුලුවන්ද....."

"ඔවු මම තමයි විජේසිංහ... මොකද්ද කාරණාව කියන්න..."

නිවාන් සාක්කුවේ දාගන හිටපු ලියුම මිස්ට විජේසිංහට දුන්ට පස්සේ කන්නාඩි දෙක උඩින් අපි දෙන්නා දිහාත් බලලා අයේමත් ලියුම බලන්න ගත්තා.....

A Sign of Affection || YizhanМесто, где живут истории. Откройте их для себя