වැස්ස එක්ක හමන සුලගට එකතු වෙන්නම පිපිච්ච ඒ මල් සුවද සීතල හුළගත් එක්ක හැමතැනම පැතිරෙනවා....
හරියට අපේ ආදරේ වගේ...
මුලින් මුලින් මම එයා කියන දේවල් වලට කටින් උත්තර දුන්නන් දැන් සාමාන්‍ය විදිහට හැමදේම සංඥා භාෂාවෙන්ම දෙයක් කතා කරන්න මටත් පුලුවන්.... ඒක නිසාම අපි දෙන්නා කතා කරවා දකින හැමෝම වගේ අපි දෙන්නටම කතා කරන්න බෑ කියලා හිතාන දුකෙන් වගේ බලාන යනවා.... තවත් සමහරු අපි දෙන්නටම ඇහෙන්නේත් නෑ කියලා හිතාන කියන දේවල් වලට මම බොහොම අමාරුවෙන් ඉවසන් ඉන්නේ......
"මොකෝ උඹ අමුතු විදිහකට හිනාවෙන්නේ... අර කෙල්ලෝ දෙන්නා මොනාද කියාගෙන ගියේ......"
අපි දෙන්නා ග්‍රෙගරි වැව පැත්තේ රවුමක් දාන කොට අපි දෙන්නට පිටි පස්සේන් ආපු කෙල්ලෝ දෙන්නෙක් අපි දෙන්නව පාස් කරගෙන යන කොට එක කෙල්ලෙක් මන්දේව් දිහා ගිලින්න වගේ බලාන ගියා...
"යකෝ උඹට කිව්වේ හිනා වෙන්න නෙවේ.... අර කොකෙක්ට ඩෙනිමක් අන්දලා වගේ හිටිය කෙල්ල මොකද කිව්වෙ කියලා ඇහුවේ..."
"ඇත්තට මම හිතුවේ උඹට ඒකිව හංස ධේනුවක් වගේ පේන්න ඇති කියලා... මොකද ඉතින් හංසයින්ට උපමා කරන දේවල් කිසිම අඩු පාඩුවක් නැතිව ඒකිට පිහිටලා තියනවනේ....."
"මගුලක් කියනවා.... කියහන්කෝ....."
"තෝව දකින කොට ගිලින්න හිතෙනවලු..."
"මලා... ඒකි පිඹුරියක් ද බන්...."
"නෑ... ඇනකොන්ඩාවියක් වෙන්න ඇති.. ඒත් ඉතින් ඕච්චර පොඩි එකියක් මේකාගේ දඩ එකාව ගිලින එක..."
"බුරුවා... මම කිව්වයි කියලා හිතාගනින් මෝඩයා... ඇත්තට කියහන්කෝ.... ඒකි බිම බලාගෙන කට ඇතුලෙන් කියපු නිසා තොල් හෙලවෙන විදිහෙන් මට අල්ල ගන්න බැරි උනා...."
"නෑ බන් මේ ඒකි කියනවා උබේ තොල් හරියට ලිප්ස්ට්ක් ගාලා වගේලු.... කිස් කරලා ඉවර වෙන කොට රෝස පාට ගෑවෙයි කියලා හිතෙනවාලු..."
"ඇත්තද.. වෙන මොනාත් මට කියලා ගාව ගන්න ඕනේ නැද්ද දන්නේ නෑ..."
"මම කොහොමද දන්නේ මගුල.... අපරාදේ උඹ කලින් කිව්වානම් යන්න කලින් අහන්න තිබ්බා...."
![](https://img.wattpad.com/cover/335123372-288-k340482.jpg)
YOU ARE READING
A Sign of Affection || Yizhan
Fanfictionතෑගි පැක් කරන්න ගිහින් මට පිස්සු වගේ. කවදා කාපු ටකරන්ද. මීට ඉස්සේල්ලා පොඩි එකෙක්ගේ බර්ඩේ එකටවත් ප්‍රසන්ට් එකක් පැක් කරලා නෑ. තියන හදිස්සියට තෑගි ටික පැක් කලත් ඔක්කොම ටික හරියට පැක් කලාද කියලා චෙක් කරගන්න බැරි උනා. හැබැයි එකක් හරි අඩු වෙලා තිබුනොතින්...