30 වන කොටස

481 100 8
                                    

මම පහන කියලා බුදුන් වැදලා යන්න ලෑස්ති වෙලා විජේසිංහ මහත්තයාට වැන්දා....

"ජිවිතේ කවදාවත් අපේ අප්පච්චිවත් මගේ ගැන මේ තරම් කරුණාවන්තව ආදරයෙන් බලලා නෑ විජේසිංහ මහත්තයා... ජිවිතේ හැමදාමත් නමට විතරක් සීමා වෙච්ච අප්පච්චි කෙනෙක් හිටිය මට මහත්තයා ගාවදි හැබෑ අප්පච්චි කෙනෙකුගේ ආදරය දැනුනා..... මට කියන්න වචන නෑ..... අත් දෙක එකතු කරලා වැදලා පින් දෙනවා ඇරෙන්න මට වෙන දෙන්න දෙයකුත් නෑ....."

"යන්න ලෑස්ති වෙලා ඉන්න මොහොතෙත් ඔයාගේ ගුරුවරයා විදිහට දෙයක් කියන්නද අභිමන්ත... අප්පච්චි කියන්නේ ඇත්තටම රළු චරිතයක්... ඒ රළුබව තමයි පිරිමියෙක් විදිහට නැගි හිටින හැටි තමන්ගේ පිරිමි දරුවන්ට නිහඩව කියලා දෙන්නේ..... දන්නවද ගොඩක් වෙලාවට අප්පච්චිලා ගෑනු දරුවො හුරතල් කරත් පිරිමි දරුවෝ වැඩිය හුරතල් කරනේ නෑ... මොකද පිරිමි කියන්නේ පුංචි කාලේ ඉදලා හුරතල් වෙන්න ඕන කොටසක් නෙවේ.... අන්න ඒ දේයි අප්පච්චි කෙනෙක් නිහඩව කියලා දෙන්නේ... ඒ රළුබව ඒ පෞර්ෂත්වය ඇගිල්ලෙන් ඇනලා නොපෙන්නුවත් පිරිමි දරුවන්ගේ හිත් ඇතුලේ එයාලටත් නොදැනි කාලයත් එක්ක තැම්පත් වෙනවා.... අන්න ඒ විදිහටයි අප්පච්චිලා පුතාලට ආදරය කරන්නේ.... ඒ රළුබව ඒ පෞර්ෂත්වය මතින් තමයි ඊට පස්සේ පුතා පවුලක බර, වගකිම දරන්නේ.... ඇත්තටම මම ගොඩක් කැමතියි ඔයා අන්තිමේට කියපු පින් දෙන කතා හැගිම් බර කතා පැත්තක දාල කෙලින්ම මගේ ඉස්සරහ හිටගෙන මම වෙනුවෙන් මහත්තයා මොනා හරි දෙයක් කලාද ඒ දේ වෙනුවෙන් හදවතින්ම ස්තුති කරනවා කියලා අතට අත දුන්න නම්... "

ඇත්තට තව කොච්චර විජේසිංහ මහත්තයා ගෙන් මට ඉගෙන ගන්න තියවද කියලා මට හිතුනා...

"අනික ඔච්චර දුක් වෙන්න කිසිම කාරණයක් නෑ... පොඩ්ඩක් ජිවත් වෙන තැන වෙනස් කරා විතරයි.... කවුරුත් කිව්වේ නෑනේ ඔයාට නිවාඩු වෙලාවක මේ පැත්තේ අපිව බලන්න එන්න එපා කියලා... මොනව හරි අවශ්‍යතාවයක් උදව්වක් ඕන උනොත් එන්න එපා කියලා කිව්වද... බැදිමක් කියන්නේ බැදගෙන තියාගන්න දේට වඩා එහා ගිය දෙයක් කියලා දැන්වත් තේරුම් ගන්න අභිමන්ත... අන්න ඒ බැදිම නිසයි මම මේ දැන් ඔයාව ගිහින් දාන්න යන්නෙත්.... මට ඕන නෑ ජිවිත කාලේම ඔයා මගේ ගෝලයා විදිහට මගේ ලග ඉන්නවා දකින්න... බැදිම් ඇති කරගන්න දැනගත්තට මදි... නියම විදිහට බැදිම් පවත්වාගෙන යන්නත් ඉගෙන ගන්න ඕනේ... "

A Sign of Affection || YizhanUnde poveștirile trăiesc. Descoperă acum