06 වන කොටස

862 151 3
                                    

මැඩම් ගේ ඔෆිස් එකෙන් එලියට ආපු මගේ ඇස් නතර උනේ පිට්ටනියේ බෝල ගහන ලමයි ටිකක් ලග.....

තමන්ගේ අඩුපාඩු ගැන දුක් නොවී කෑ ගහ ගහ ජීවිතේ විදිමින් ඉන්න පොඩි පැටව් දිහා මමත් ගස් හෙවනට වෙලා බලාගන හිටියා.... බෝලය විසිවෙලා යන හඩ අනුව සියුම්ව ඇහෙන ඒ ගෙජ්ජි ශබ්ධයට අවධානය දෙමින් බෝලය අදුරන ගන්න එක හරි පුදුම වගේම බලාගන ඉන්න ආසා හිතෙන දසුනක්.... බිම දිගේ එන බොලේට මල්ලි කෙනෙක් ගහපු පාරකට බෝලේ පිට්ටනිය අයිනේ ගහක් යට හිටිය මගේ කකුල් දෙක ලගට ඇවිත් නතර වුනා... ඒ හඩට කන් දීගන ඉදලා බොලේ හඩ නතර වෙච්ච අන්තිම තැන හැරියටම අදුරගන මල්ලි කෙනෙක් මගේ ලගට දුවගෙන ඇවිත් බොලේ අහුල ගත්තා......

"ආ.... අභි අයියා... මොකෝ කියන්නේ හැමදාම වගේ අපි සෙල්ලම් කරන දිහා බලාන ඉන්නවද නැත්නම් අපිත් එක්ක සෙල්ලම් කරමුද......"

අහිංසකව හිනා වෙලා එහෙම කියන කොට මට පවු කියලා හිතුනා.... මෙහෙට මම ආපු අලුතම කවුරු හරි ලමයෙක් මගේ නමින් ම කතා කරනවා ඇහුන නම් මම පුදුම වෙනවා... ඒත් දැන් නම් අපිව එක එක්කෙනා වෙන් වෙන්ව අදුරගන ලමයි මෙහෙම කතා කරන එකේ අමුත්තක් දැනෙන්නේ නෑ....

"සිසිත කොහොමද ඔයා හරියටම මාව අදුන ගත්තේ....."

උත්තරේ දැන දැනම උනත් කොල්ලව පොඩ්ඩක් කතාවට අල්ලගන්න ආසා හිතුනා....

"අයියගේ සුවදින් ... මම දැනගත්තා ඔයා තමයි මෙතන ඉන්නේ කියලා.... හරි හරි දැන් බොරුවට මාව කතාවට අල්ල ගන්න හදන්නේ නැතිව කියන්න එනවද නැද්ද...."

සිසිත හරියටම බොල් දාන මල්ලිගේ නම කියලා කෑගහලා බෝලේ විසිකරන ගමන් මගේ අතින් අල්ලගත්තා....

"අනේ කොල්ලේ මම උඹලාත් එක්ක සෙල්ලම් කරන්න ආවොතින් මට හොර කරන්න වෙනවා...."

"ආ... අයියා එකට ගැන කිසි දේකට බය වෙන්නේ එපා...ඔයිට වඩා හොරට සෙල්ලම් කරන එවුන් එක්කත් අපි හොදට සෙල්ලම් කරලා තියනවා..."

"ඇත්තට.... අනෙ අම්මෝ මේකාගේ කට නම්.... කෝ පොඩ්ඩක් හිටහන්...."

"අනේ මේ... ඔය මොකද බන් අයියේ උඹ කරන්න හදන්නේ... මොකටද සාක්කුවට අත දාන්නේ..."

A Sign of Affection || Yizhanजहाँ कहानियाँ रहती हैं। अभी खोजें