2🌸

41 14 10
                                    

ඇය ඔහු දෙස කදුලු පිරි දෑසින් යුතුව පැමිණෙන විට ඔහු දුටුවේ සතුටක් නොවේ එහි ගැබ්ව තිබූ දුක්බර බවක් ...

ඇය ඔහු දෙසට පැමිණියත් ඇය ඔහු පසු කර යනවාත් සමගම මා හැරී බැලුවා ...

ඇය අවසානයේදී ඔහු හට පිටුපා බිත්තිය අසල තිබූ කැබිනට්ටුව මත තිබූ ඔහු යුද හමුදා ඇදුමින් සැරසී සිටින පින්තූරය ඇය වෙත තුරුලු  කරන් හයියෙන් අඩන්නට පටන් ගත්තා එවිටම ඔහු ...

" සෝයුන් ... ඇයි මේ .. අඩන්නේ ... බලන්න අපේ බබාටත් ඒක හොද නැහැනේ .. කෝ මේ පැත්ත හැරෙන්න .."

ඔහු එලෙස කියමින් ඇයව පිටුපසින් වැලදගත්තා ...

නමුත් ....

ඔහුගේ දෑත් ඇයගේ ශරීරය හරහා යන්නට වූයේ ඔහුව පුදුම කරමිනුයි ...

" මොකක් .. මේ මොකද වුණේ .. ඇයි මට මගේ සෝ ව බදාගන්න බැරි .." ඔහුගේ දෑස් වලින් කදුලු වැල් එකදිගට ගලන් ගොස් බිමට පතිත වූවත් ඒවා බිමට පතිත වූ බවට කිසිදු සලකුණක් තිබුණේ නැහැ ...

ඔහු දෑත් වලින් තම හිසකේ අදින ගමන් සිදු වූයේ කුමක්ද කියා තමන්ගෙන්ම විමසන්නට වූවා ... නමුත් එහිදී එයට පිලිතුරු ලෙස  ලැබුණේ සෝයුන්ගේ හැඬුම පමණයි ...

ඇය ඔහුගේ පින්තූරය දෙස බලා " අනේ මගේ ටේ ... රත්තරං ... ඇයි ඔයාට එහෙම වුණේ ... ඔයාට මං කියන දේ ඇහෙනවද කිම් ටේහියුන් .. ඔයා කොහොමද අපි දාලා යන්න හිතන්නේ .. කියනවා .. "

සෝයුන් එලෙස කියමින් හඬන්නට වූයේ තම අතැතිව තිබෙන පින්තූරය ද තම පපුතුරට තව තවත් තද කරන ගමනුයි ....

එක්වරම නැවතත් දොර විවර වී යාබද නිවසේ මිසිස් මින් ඇවිත් සෝයුන් ව සන්සුන් කරවන්නට උත්සහ කලේ ටේහියුන් ගේ හදවතට " මට අද සෝගේ දුක නැති කිරීමට බැරි වුණා .. එය කොහොම කරන්නද ඒ දුකට හේතුව මං වෙද්දී .." ඔහුට තමාටම බැනවදින ගමන් එලෙස ඇය දෙස කදුලු පිරි දෑසින් බලන් සිටිද්දී එක්වරම ..

" ආආආආහ් .. අනේ දෙවියනේ සෝයුන් ... " මිසිස් මින් එලෙස කෑගසද්දී ඔහුගේ අවදානයද එදෙසට නැවත ගනිමිනුයි ..

එවිට ඔහු දුටුවේ ක්ලාන්තව සෝපාව බිම වැටී සිටින සෝයුන්වයි .. මිසිස් මින් ඇයගේ කොපුල් වලට තට්ටු කරමින් අසල මේසය මත තිබු වීදුරු කෝප්පයෙන් ජලය ඉසුවත් ඇය නැගිටින්නේ නැති නිසා ඇය ඉක්මනින් පිටව ගොස් තමාගේ සැමියාවද කැටුව ඇවිත් ඇයව රැගෙන රෝහල වෙත ඉක්මනින් යන්නට වූයේ ඇය සිටින තත්වයත් යහපත් තත්වයක නොතිබූ නිසයි ...

ඇයව වෛද්‍යවරයා ඇයව පරික්ෂා කර පිටතට ඇවිත් " කවුද මෙයාගේ භාරකාරයා .." අසද්දී මිසිස් මින්ගේ සැමියා වූ මින් යුන්ගී..

" අපි එයාගේ අසල්වාසියෝ ..දොස්තර මහත්තයෝ .." ඔහු එලෙස කියද්දී වෛද්‍යවරයා නැවත " මෙයාගේ ගෙදර කවුරු වත් නැද්ද .. මෙයා ලමයෙක් හම්බවෙන්න ඉන්න කෙනෙක් .. මෙච්චර ලොකු පීඩනයක් එන්න තරම් මොකද්ද හේතුව "

එවිටම මිසිස් මින් " එයාගේ මහත්තයා යුද්දෙට ගිහින් ..." ඉතුරු ටික කියන්න කලින් වෛද්‍යවරයා තම අතින් එම කතාව නවතන ලෙස සන් කලේ ඔහුට එය ගැන හොදින්ම එම වචන පෙල හරහා තේරුම් ගත් නිසයි ...

" මෙයාගේ පවුලේ තව කවුරුවත් නැද්ද .." නැවතත් වෛද්‍යවරයා අසද්දී අඹුසැමියන් දෙපල නෑ කියන්න ඔලුව වනා නැවතත් " අපි එයාව බලාගන්නම් දොස්තර මහත්තයෝ .. මෙයාගේ මහත්තයා මගේ හොද යාලුවෙක් .." එලෙස කියද්දී වෛද්‍යවරයා මද සිනාවක් පා " දවස් දෙකකින් විතර සිහිය එයි .. පරිස්සමින් බලා ගන්න.." ඔහු එතනින් පිටව යන්නට ගියේ ටේහියුන්ගේ හිතේ වේදනාව තවත් දෙගුණ කරවමිනුයි ...

*****************************

කොහොමද කතාව හොදයිද ...

ඔයාලා කැමතිද ?

🍃🍃🍃


- Pink panther

My Dear Sakura Flower 💮 || Short Story || KTH ✓Where stories live. Discover now