4🌸

35 13 4
                                    

වෙනදා මෙන්ම ඔවුන් කඳවුරේ පුහුණු වීම් කටයුතු වල යෙදී හිදින අතරේ එක්වරම ටේහියුන්ව අසළ බිම තිබූ ගලක පැටලී බිම වැටුණෙන් ඔහුගේ හොඳම මිතුරා වූ ජිමින් " ඔහ් ටේයා ... උඹට මොකද වුණේ " දුර තියාම ටේහියුන්ව වැටෙනවා දැකපු ජිමින් දුවගෙන ඇවිත් ටේහියුන්ට නැගිටින්න උදව් කරන ගමන් අහද්දි ...

" පොඩි කලන්තයක් ආවා බං .. ඉතිං මං එහෙම්ම එතකොට මේ ගල දැක්කේ නෑ ... පැටලිලා වැටුණා " වෙහෙසට පත්ව දහඩිය දමා ඇති මුහුණ තමා හැද සිටි කමිසයෙහි කොනක් උස්සා පිස දමන ගමන් කියද්දී ...

" ඔය උඹේ අතත් හොඳටම හීරිලා ලේ ගලනවා ... යමං බෙහෙත් ටිකක් දාගන්න ..." ජිමින් ටේහියුන්ට වචනයක්වත් කියන්නට ඉඩ නොදී බෙහෙත් ශාලාවට ඇදගෙන ගියේ ටේහියුන් බෙහෙත් දාන්න අකමැති නිසා තුවාලෙත් තියාන ඔහොම්ම ඉන්නවා කියලා දන්න නිසාමයි ...

" අනේ බං ... ඕනි නෑ බං ... මේක පොඩි තුවාලයක්නේ ..." ඇතුළට ගිහින් ජිමින් ටේහියුන්ව පුටුවෙන් බලෙන්ම ඉන්දවද්දී ...

" මොකද මෙතන සද්දේ ආ .." තරුණියකගේ කටහඩ ආහුණු විගසම ජිමින් සහ ටේහියුන් ඒ පැත්ත බලද්දී දැක්කේ තරුණ ගෑණු ළමයෙක් ඉණට අත් දෙකත් තියන් බලන් ඉන්න හැටියි ...

" ආ ... මේ අපි ..." ජිමින් ටේහියුන්ගේ අත එකපාරම උස්සලා වෛද්‍යවරියට තුවාල වුණ තැන පෙන්වද්දී ජිමින් තමන්ගේ අත වේගයෙන් උස්සපු නිසා ටේහියුන්ගේ ඇස්වලට කඳුලුත් උනපු හැටි දැකපු වෛද්‍යවරිය ...

" කෝ ඔයා අයින් වෙන්න .. ඔයා මෙයාගේ අත අල්ලන් ඉන්න හැටියට මේ වලස් පැටියා ඉවසන් ඉන්නවා පුදුමයි ..." ඇය එලෙස කියද්දී අතේ වේදනාවට තොලත් හපන් ඉදපු ටේහියුන්ගේ ඇස් දෙක උඩ යද්දී ජිමින් වෛද්‍යවරියට හිමින් සැරේ ටේහියුන්ගේ අත දීලා ටේහියුන්ට විතරක් පේන්න හොරෙන් හිනාවෙද්දී ටේහියුන් ජිමින්ට ඔරවලා අනිත් පැත්ත හැරෙද්දි ජිමින් " මං එළියට වෙලා ඉන්නම් .. උඹ හෙමින් සැරේ බෙහෙත් ටික දාගෙන වරෙන්කෝ ..." ජිමින් එතනින් යද්දී ටේහියුන් මුකුත් කියන්න යද්දී දැක්කේ වෛද්‍යවරිය අතට බෙහෙත් දාන්න හදනවයි ...

" ඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈ" බෙහෙත් ගල්වන්නට පෙරම ටේහියුන් කෑගහද්දී වෛද්‍යවරිය " අනේ අනේ ... මං තාම බෙහෙත් දැම්මෙත් නෑ ..." ටේහියුන්ට වුණ ලැජ්ජාව නිසාම මුණ රතු වෙද්දී " ඔයාගේ නම මොකද්ද ? " ඇය ඔහුගේ අවධානය වෙනතකට යවන ගමන් අහද්දී මේ මුකුත් නොදන්න ටේහියුන් " මං කිම් ටේහියුන් .." ඔහු හිනාවෙලා කියද්දී ඇයගේ හිතන් ගැස්සුනේ නෑ කිව්වොත් පුදුමයි ...  " මං චෝයි සෝයුන් .. ඔයාගේ හිනාවනම් හරිම ලස්සනයි ... ඔය හිනාව මට ගෙදර ගෙනියන්න දෙන්න පුළුවන්ද? "

ඇය එලෙස අසද්දී ටේහියුන්ටත් නොදැනීම ඔහුගේ ඇසුත් ලොකු වෙලා වී මුවත් බාගෙට විවර වෙද්දේ
ඔහුට එයින් ලැබුණේ හුරතල් පෙනුමක් ...

" ඕඕ .. අනේ ඔයා හරිම හුරතල් ... නිකන් වලස් පැටියෙක් වගේ ..." ඇය එලෙස කියමින් වෙලුම් පටිය ඔතා අවසන් වී" දැන් හරි " එකපාරම එය කියද්දී ඔහුට ඒ මොකද්ද කිව්වේ කියලා තේරුනේ නැති තැන සෝයුන් තම ඇස් වලින් ඔහුගේ අත පෙන්වද්දී ඔහු ආයෙත් පාරක් කෑගහන්න හදද්දීම ඇය තම එක් අතකින් ඔහුගේ මුව තද කොට වැසුවේ ඔහුගේ දෑස් නැවත වතාවක් පුදුමයට විශාල වෙද්දී ...

නැවතත් ඇය තම අත ගනිද්දී ඔහු රතු වුණ මුහුණකින් ඇයට ආචාර කර කාමරයෙන් ඉක්මනින් පිටව ගියේ දොර අයිනට වෙලා අත් දෙකත් බැදන් ඔහේ සිවුරුහන් බාමින් සිටි ජිමින්වත් පෙරලගෙනයි ...

" මේ යකාට ඒ පාර මොකක් වෙලාද මේ පස්ස කැඩිච්ච කඩියා වගේ මාවත් පෙල්ලන් දිව්වේ .. ආහ් ඔම්මා .. මගේ කොන්ද " ජිමින් එලෙස කියමින් හිමින් සැරේ නැගිටින ගමන් තමන්ගේ කොන්දට අතත් තියන් ටේහියුන් දිව්ව පැත්තට කොරිඩෝව දිගේ යන්න ගියේ ඔහුට බැන වදින ගමනුයි ...

*****************************

මේ කොටස කොහොමද ...

🍃🍃🍃

- Pink panther

My Dear Sakura Flower 💮 || Short Story || KTH ✓Where stories live. Discover now