6🌸

54 16 64
                                    

අවුරුද්දක් ටේහියුන් සහ සෝයුන් ආදරයෙන් ඉදලා විවාහා ගිවිස ගත්තේ ගොඩක් ලොකු සතුටකින් මෙන්ම හිත් කොනෙහි දුකකුත් සමඟයි.. එනම් ... සෝයුන්ගේ දෙමව්පියන් කුඩා කාලයේදීම අනතුරකින් මිය ගොස් සිටි අතර ටේහියුන්ගේ මව මාස ගණනකට පෙර හදවත් රෝගයකින් මිය ගිය ...

වෙනදා වගේම ඔවුන්ගේ විවාහය සඳහාද උපකාර කලේ ඔහුගේ හොඳම මිතුරා වූ ජිමින් සහ අසල්වාසියෙකු වුවත් සහෝදරයෙකු  මෙන් සිටි යුන්ගි යි ...

විවාහා වී මාස ගණනකට පසු උතුරු කොරියාව යුද්ධය ප්‍රකාශ කිරීමත් සමඟ දකුණු කොරියාව ද යුද්ධයට අවතීර්ණ වීමත් සමඟ ටේහියුන් අකමැත්තෙන් වුවත් ඔහුට ඔහුගේ ආදරණීය බිරිඳ සෝයුන් ට ඔහු නැවත එන බවට පොරොන්දු වී තනිවම නිවසේ තනිකර ඔහු යන්න ගියත් ඔහු සිතන්නට නැතුව ඇති ඔහුගේ ඒ පොරොන්දුව ඔහු අතින් බිදි යන බව ....

.

.

.

ගිනි අවි තුලින් පිටවන වෙඩි උණ්ඩ පහරවල් වැදී එකිනෙකා බිම ඇද වැටෙන්නට වූයේ මුළු පිටියම රක්ත වර්ණ රුධිරයෙන් නැහැවී ගොස් තිබෙන අතර තුරේදිය .... යුද්ධයෙහි බියකරු බව කොතෙක්ද කියතහොත් සමහරුන්ගේ ශරීර කොටස් හඳුනා ගැනීමටවත් නොහැකි තරමටම විකෘති වී සමහර තැන් වල වෙන් වෙන් වශයෙන් තිබෙන්නට වූයේ බිම් බෝම්බ පෑගීම නිසාය ...

මේ අතරේ ටේහියුන් පාදයට වෙඩි වැදුණු තම මිතුරා වූ ජිමින්ව තාමට වාරු කරගෙන ඉක්මනින්ම එතනින් දුව යන්නට වූයේ තම උදරයටද වෙඩි වැදී එයින් නොනවත්වාම ලේ ගලන විටදියි ....

එහෙත් වැඩි දුරක් යාමට මත්තෙන් ටේහියුන්ව ගසක් මුල ජිමින් සමඟම ඇද වැටුණා .... ජිමින්ට තිබුණු වේදනාව නිසාම ඔහු සිහිසුන් වි සිටි අතර ටේහියුන් එම ගසට හේත්තු වී පියවෙමින් තිබෙන දෑස් වලින් ඔහු තමා ඉදිරිය බලා සිටියා .. එක් වරම ඔහුගේ උකුල මත තබා සිටි තම දකුණතෙහි අල්ල මතට සකුරා මලක් පතිත වූයේ ඔහුගේ දෑස්ද තෙත් කරන ගමනුයි ...

ආදරණීය සකුරා මල...
හැකිද ඔබේ ඔය ..
එක් මල් පෙත්තක ..
මා මේ ..
කියන පණිවුඩය ඇය වෙතට ලබා දෙන්න ...

My Dear Sakura Flower 💮 || Short Story || KTH ✓Where stories live. Discover now