INTRO

1K 103 86
                                    


සිතුවමක් යනු විවිධ වර්ණ සංකලනයකින් බිහිවන දකින දෘෂ්ටි කෝණය අනුව එකිනෙකාට වෙනස් හැඟීමක් දනවන නිර්මාණයක්. එවැනි නිර්මාණයක් සාමාන්‍ය සුන්දර නිර්මාණයක්ම පමණක් විය හැකිද? නැතිනම් එය පෙනෙනවාට වඩා රහස් සඟවාගෙන සිටින මාරයාගේ දොරටුවක් විය හැකිද?


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"කඳු නිම්නයේ මායාව" එහෙමත් නැතිනම් "Magical valley of the hill" යනු වසර 1357 දී අඳින ලද බව කියවෙන සිතුවමක්. මෙය කවුරු විසින් කුමන අරමුණක් සඳහා නිර්මාණය කරන ලද්දක්ද යන්න මේ වනතුරු සොයාගෙන තිබුණේ නැහැ. 

මීට වසර කිහිපයකට පෙර මෙම සිතුවමෙන් විසිරුණු නිල් පැහැති ආලෝකයක් නිසා පුද්ගලයන් කිහිපදෙනෙක් මේ තුලට ඇදී යාමත් සමඟ මේ සිතුවම ගැන සියලු දෙනා කැලඹීමට පත්වෙනවා. රජය විසිනුත් මේ සිතුවම පිළිබඳ නිවැරදි තොරතුරු සොයන්නට පෙළඹෙන්නේ එයින් අනතුරුවයි.

පසුව ඔවුන්ට දැනගැනීමට ලැබෙනවා පුරාණ මායාවරුන්ගේ කාලයේදී නිර්මාණය කරන ලද මේ සිතුවම මිනිසුන්ව සිරගත කර තැබීමට භාවිතා කල බව. වැදගත්ම කරුණ නම් ඒ කාලයේ සිට අද වනතුරුම මේ සිතුවමේ මායාවන් ක්‍රියාත්මක වීමයි. 

මේ සිතුවමේ භයානක බව නිසාම එය සෝල් ජාතික කෞතුකාගාරයේ විශේෂ ආරක්ෂාවක් සහිත ස්ථානයක තැන්පත් කරනවා. එසේම රජය විසින් මෙය නැරඹීමට යාම තහනම් කරන්නේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහායි.

කෙමෙන් කෙමෙන් මේ සිතුවමේ උණුසුම මැකී ගියත් එක්වරම දිනක් දැනගන්නට ලැබෙන්නේ සිතුවම තිබුණ ස්ථානයෙන් අතුරුදහන්ව ඇති බවයි. ඇත්තටම එයත් ඒ සිතුවමේ තවත් විශේෂත්වයක්. සිතුවම කාලයෙන් කාලයට විවිධ ස්ථානවලින් මතු වෙන නිසා එය සමඟ ගනුදෙනු කිරීම ඉතා අපහසු කටයුත්තක්.

සිතුවම නැවත සොයාගැනීම සඳහා විශේෂ කාර්යය බලකාය විසින් විශේෂ නිලධාරීන් දෙදෙනෙකු තෝරා ගන්නට කටයුතු කලත් කිසිවෙකුත් මේ සඳහා ඉදිරිපත් වන්නේ නැහැ. සිතුවම තුල ඇති බියකරු බව පිලිබඳව ඔවුන් අසා තිබුණු කතා නිසා තමන්ගේ ජීවිතය අනතුරේ හෙලීමට කිසිවෙකුත් කැමති වෙන්නේ නැහැ.

ඉතින් මේ සිතුවම සෙවීමට ඉදිරිපත් වෙන්නේ කවුරුන්ද? ඉදිරිය කෙසේ වේදැයි අපි බලමු.....



Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



______________________________________________

ඔන්න ලමයි මම අලුත් කතාවක් පටන් ගන්න යන්නේ. මේක Bangtan_Army_Girl3 ගෙ අදහසකට අනුව අපි දෙන්නා දීර්ඝව කතා බහ කරලා ප්ලොට් එකක් තීරණය කරගෙන තමයි ලියන්න පටන් ගත්තෙ. එයා ටික කාලෙකට කලින් ප්ලොට් බුක් එකක් පබ්ලිෂ් කරලා තිබුණනෙ. ඉතින් ඒක දැකලා මම මේක එයාගෙන් ඉල්ල ගත්තා.

එයා නම් දැන්ම දාන්න එපා කිව්වා ඉතින්. මම දැනට intro එකක් දාලා ඔයාලව ටිකක් අවුස්සලා යන්න ආවෙ. අප්ඩේට් නම් දැන්ම එන එකක් නෑ. ඔයාලා ඒක එයත් එක්ක කතා කරගන්න.

එතකොට Bangtan _Army_Girl3 ප්ලොට් එක දන්නවා වුණාට එයා දන්නෙත් නෑ මං මේකට දාන්නෙ මොන වගේ සිදුවීම්ද කියලා. කාටවත් කියන්න එපා හොඳේ ප්ලොට් එක. අපි දෙන්නම කියවන අයට බලමු බලමු කිය කිය ඉමු.

කොහොමද Intro එක. මං හරියට ලියලා නේද මිලී?

එහෙනම් අපි කථාවෙදි ආයෙත් හමුවෙමු.

Blue Rose 💙🥀


The Magic Painting || JJK ✓Where stories live. Discover now