Chapter 12

360 81 51
                                    


"ජිමින්සි...... ඔය පූජා අළු ටික මෙහෙට අරගෙන එන්න."

කට්ටඩි ටේ තුමා වගේම ජිමින් හිටියෙ ජින්ගෙ පරණ මාලිගාව ඇතුලෙ චිත්‍රෙ ලඟ. යුංගි අත් දෙකත් බැඳගෙන එයාලා වැඩ කරන දිහා බලාගෙන ඉද්දි හොබී හිටියෙ යුංගිගෙ පස්සෙන් හැංගිලා. කලින් වුණා වගේම එයා වත් චිත්‍රෙ ඇතුලට ඇදිලා යයි කියලා බයක් එයාට තිබුණා.

ආපු වෙලාවෙ ඉඳන් ටේ කට්ටඩි තුමා චිත්‍රෙ දිහා ඇස් කරකව කරකව බලන් ඉඳලා අන්තිමට එයාගෙ සහයකයට කිව්වෙ වැඩ පටන් ගන්න මොකක් හරි ක්‍රමයක් ඔලුවට ආපු නිසා. කොහොමත් ඉතින් කරන්න දෙයක් නොතිබුණත් යුංගි එයාලව ගිලින්න වගේ බලන් ඉන්නැද්දි කොල්ලො දෙන්නට නිකන්ම අලුත් අදහස් පහල වුනා.

"මොන අලුද ටේ තුමෝ? අර ඊයෙ පරණ සපත්තු ජෝඩුවක් පුච්චලා ගත්ත අලු ටිකද?"

ජිමින් ඔළුවත් කස කස අහද්දි ටේ හැරිලා බැලුවෙ යුංගිගෙ දිහා. කොල්ලා ඇහි බැමකුත් උස්සලා ටේගෙ වැඩේ දිහා බලන් හිටියෙ තරහා ගිහින් කියලා තේරුම් ගත්ත ටේහ්යොන්ග් ඉක්මනට එයාගෙ අතේ තිබුණ වට්ටියෙන් ජිමින්ගෙ ඔලුවට ගැහුවෙ කොල්ලගෙ කට නවත්තන්න ඕන නිසා.

"මං කියන්නෙ සපත්තුවක් ගැන නෙවෙයි ජිමින්සි. මං කිව්වෙ අපි අර හිමාලෙ තාපස තුමාගෙන් ඉල්ලගත්ත පූජා අළු ගැන."

"ආආආආ..... ඒවා නේද.. හෙ හෙ අමතක වුණා."

ජිමින් ගොං හිනාවක් දාන ගමන් එයාලාගෙ බෑග් එක අදින්න ගන්නකොට ටේහ්යොන්ග්ට සිද්ධ වුණේ පූජා අළු ගැන යුංගිට විස්තර කරන්න. මොකද යුංගි දැනටමත් එයාලව සැක කරන්න පටන් අරගෙන කියලා කොල්ලට තේරුණා.

"මෙයා කිව්වෙ භූතයෙක් අරක්ගෙන හිටපු සපත්තු ජෝඩුවක් ගැන. අපි ඒක පිච්චුවා ඒකයි ඔය කියන්නෙ හි හි..."

ටේහ්යොන්ග් ජිමින් දෙන්නම චිත්‍රෙ වටේට එයාලගෙ බඩු තියලා සූදානම් කරන අතරෙ යුංගි හොබී දෙන්නම කල්පනා කලේ මේ වෙනකොට අනිත් අයට මොනවා වෙලා ඇතිද කියලා. ඇත්තටම චිත්‍රය ගැන එයාලා අහලා තියෙන විදිහට දැනටමත් ඇතුළෙ ඉන්න අයට මොන වගේ කරදර වලට මුහුණ දෙන්න වෙලාද කියලා බයෙනුයි එයාලා හිටියෙ.

The Magic Painting || JJK ✓Where stories live. Discover now