12

22 2 15
                                    

එතකොටම ජංකුක් ගත්තා මගේ මිල්ක් ශේක් එක
මට මුකුත් කියන්න වුනෙත් නෑ, මෙන්න මූ බොනවා.. ඒයි මගේ බටේ යකෝ

"ඒකත් රසයි නේ.. ඕනද මගෙ එකෙන්"

තොගෙ එකෙන් දීපන් මන් කියන්නෙ නෑ ජංකුක් තමුසෙට ආයේ..

"එපා..."
ගත්තා මගේ මිල්ක් ශේක් එක එක හුස්මට බිව්වා.. ආයේ මූ බිව්වොත් එහෙම

එතකොටම ජංකුක් මගේ කන ළගට ළං වුනා..

"රසද?"

මොකක්?? මට මූ කරන ඒවා නම් ප්‍රශ්නයක් නෑ.. ඒත් ප්‍රශ්නෙ මේ යකා නටන නාඩකම් ඔක්කොම නටනකන් අපේ අයියට පේන්නේ නැති එකනේ..

මන් ඔරවලා බලලා ආයේ කන්න ගත්තා.

"මේ අරයා ඇයි කතා නැත්තෙ?"

එතන හිටිය හෝන්තුවක් මගෙ පැත්තට අත දික් කලා

"අහ් මෙයාද? මෙය මේ ඊයේ රට ඉදන් ආවේ"

මොන කෙබරයක්ද ඒ?? මේ ජිමින් අයියා මේ කෙල්ලො ටික ආතල් එකට අරන් වැඩි

කෙල්ලො ටික කාලා ඉවරයි

"මෙන්න මිස් බිල් එක ඔයාලගෙ"

එතන හිටිය කෙල්ලෙක් බිල් එක අරන් කාඩ් එක දික් කලා

"අපි එහෙනම් යනවා බෝයිස්"

කෙල්ලො තුන නැගිට්ටෙ ආයේ වේටර් ඇවිල්ලා කාඩ් එක ගෙනල්ලා දුන්නට පස්සෙ..

එලියට යනව වෙනුවට එක කෙල්ලෙක් ආවෙ මායි ජංකුකුයි හිටිය පැත්තට

"ඔයාගේ නම්බර් එක දෙනවද?"

මොකක්?? මුගෙන් නම්බර් එකත් ඉල්ලනවා.. බලමුකො දෙනවද කියලා.. හැබැයි දුන්නොත් නේ..

ඉතින් මට මොකද

කියලා හිතද්දිම මෙන්න මූ දුන්නා නම්බර් එක.. මන් බැලුවා මූණ දිහා හොදට

"තැන්කිව්"

කෙල්ල ගියා

"මේක කරන්න බෑ ඕයි.. හැමදාම මූටමනෙ සෙට් වෙන්නෙ.. ඔච්චර ගෑනු බැදලා උබ කොහෙ තියාගන්නද ජංකුක්"

ජිමින් අයියා විහිලුවටද කොහෙද අඩනවා.. ඒත් මගේ හිතට මොකක්දෝ අමුතු දුකක් ආවා.. ඒත් ඇයි? මට වැඩක් නෑනෙ..

MY WINTER BEAR 💜Where stories live. Discover now