18

20 4 0
                                    

ඒ ජංකුක්ද??

ෆෝන් එක බලන්න කලින්ම මන් හිතුවේ ඒක

ඒත් ඒ එයා නෙමෙයි
ඒ ජේක්
මට ජංකුක් ගැන තවත් වෙනදට වඩා හිතුනා

ෆෝන් එක ආන්සර් නොකරම මන් ආයේ එයාගේ ලෝකෙට ගියා

කට් වුන ෆෝන් එක ආයේ රින්ග් වෙනවා
ගත්තා කෝල් එක

"සොරි ජේක්.. ජංකුක් කරපු දේට සොරි"

ගත්ත ගමන් කියාගෙන ගියා

"ඔයා සොරි කියන්න එපා.."

"ඇයි ඔයා ගත්තේ?"

"ඔයා අවුලෙන්ද මාත් එක්ක?"

"ඒ මොකටද?"

"අද උන දේට"

අවුල් නම් තමා ජේක්
එයාගේ අතත් තුවාල වෙලා
ඒ මන් නිසා
ඒත් ඕනේ නෑ ඔයා ඒවා දැන ගන්න

"නෑ මන් අවුලෙන් නෙමෙයි.. ජේක් මන් තියනවා"

"ඔහොම ඉන්න ටේහ්‍යුන්ග්"

"ඇයි?"

"මන් වැරදි නෑ.. එයා මට ගැහුවෙ මුලින්"

"මන් කිව්වනෙ ජේක්.. මන් තියනවා"

මන් තිබ්බ ෆෝන් එක
ඕනේ එකක් කියලා මන් ගත්තා ජංකුක්ට කෝල් එකක්
‍රින්ග්ස් යනවා
ආන්සර් කරන්නෙ නෑ

නිදි ඇති

මටම කියාගෙන මාත් හාන්සි වුනේ එයා උදේට මට කතා කරයිනේ කියලා හිතාගෙන
.
.
.
.

සෙනසුරාදා
වෙනදා වගේම දවසක්

මන් නැගිට්ට ගමන් බැලුවෙ ෆෝන් එක දිහා
ඒත් එයා නෑ

මොනා කරන්නද ඉතින්

මන් නැගිටලා
වොශ් එකක් එහෙම දාගන්න හිතන් මන් අල්මාරිය ඇරියේ තුවාය ගන්න

තුවාය අතට ගත්තම දැක්කේ ඒක කොනක තිබ්බ අකුරු දෙක

ජේකේ

ඔව් මේක එයාගේ
එදා එයා මගේ එක ගත්තන්නේ

මන් එදා ඉදන් පාවිච්චි කලේ මේක

ඒකත් අරන් මන් ඇදෙන් ඉදගත්තා
මොකක්දෝ දුකක් අමුත්තක් දැනෙනවා
ඊයේ අයියා කිව්ව දේවල් එක්ක එයා ඇත්තේ අවුලෙන්
ඒත් අයියා කිව්වේ ඇත්ත
එයා කිව්ව කොල්ල මන් කියලා නොදැන වුනත් අයියා හරියට මන් වෙනුවෙන්ම කතා කලා වගේ

MY WINTER BEAR 💜Where stories live. Discover now