"ඔයාට ශුවර් නේ එයාව ඕනේ නෑ කියලා"
"ඔව්....
හරි මන් දැන් දන්නවා එයා මට ආදරේ නෑ කියලා තව දුරටත්
ඉතින් මන් ටේහ්‍යුන්ග් කියලා එයා දැනගත්තට ප්‍රශ්නයක් වෙන්නෙ නෑනේ
"මෝඩ ගොන් මැටි මෝල් ටේහ්‍යුන්ග්... තමුසේ හිතුවේ මට ලාදුරු කියලද අහ්?"
මන් හැරෙන්න යද්දිම එයා මගේ ඉනෙන් ඇදලා අරන් උරහිසට ඔලුව තියාගත්තා
"මොකක්?"
"තමුසේ මගේ ගොන් ටේහ්‍යුන්ග් කියලා මන් දන්නවා ගෙම්බෝ"
"මන් ගෙම්බෙක් නෙමෙයි"
"නැත්තේ මොකද?"
"නෑ කිව්වනේ... අනික දැන් කිව්ව ඒවා හරවන්න ලෑස්ති වෙන්න එපා"
"උදේ මන් ඇහැරෙද්දී නැගිටලා දිව්වා නේ.. මන් දැක්කා ඕයි.."
"මාව?"
"ඔව්... ඊලගට ජින් අයියට කිව්ව පණ්ඩිත කතා?? තමුසේ කොහෙන්ද ඔය පඩි ටෝක් ඉගෙනගත්තේ අහ්?"
"මේ.... දෙන්නා කාමරේකට යනවද?"
මායි ජංකුකුයි දෙන්නම ගැස්සුනා
ජින් අයියා
"මෙහෙන් යන්න ඕනේ වෙලාද අහ්? මගුල් නටන්නේ එලියේ.. එක්කො අර කාමරේට පලයන්, නැත්තම් මේකට පලයන්"
ජංකුක් අයියට සැලුට් එකක් ගහ ගෙන මගේ අතින් ඇදගෙන මගේ කාමරේ ඇතුලට ගියා...
"අත අරිනවා"
මාව කාමරේ ඇතුලට තල්ලු කරලා එයා දොර වැහුවා
මන් කැරකිලා ගිහින් ඇද උඩට පතබෑවුනා
"ඔයා මට ආදරේ නෑ... අර ෆොටෝ එකත් මාරු කරලා, ඔයාට වැඩක් නෑ කිව්වා මාව... ඔයා... ආදරේ කිව්ව වෙන කෙනෙක්ට?"
"කවුද වෙන කෙනා? අනික මන් තමුසෙට පෙන්නුවේ මගේ ඔෆිස් එකේ ෆෝන් එක ගෙම්බෝ.. මෙන්න මේකේ තාම තමුසෙ තමා ඉන්නේ"
එයා මගේ පැත්තට ෆෝන් දෙකම විසික් කලා
එයා කිව්වා හරි
එකක මන්
අනිත් එක තමා මට පෙන්නලා තියෙන්නේඒත් ආදරේ නෑ කිව්වනේ
YOU ARE READING
MY WINTER BEAR 💜
Fanfiction"උබට මොකද බන් උනේ??" "මොනා වෙන්නද ජිමින්... මන් මේ හොදට ඉන්නේ?" "අපි උබව හෙව්වා... ගොඩක්... ඒත්..... "හ්ම්ම්ම් ඒ හැමදේම ඉවරයි.. ඉවරෙටම ඉවරයි.." "ජූන්ට සමාව දියන්" යාලුවොද නැත්තම් තමන්ගේ පවුලද?? ආදරය කරන දෙන්නෙක් වෙන් කරන්න පුලුවන්ද??? මේ මගේ අලුත්ම...