ආයිමත් දවසක...26

694 140 18
                                    

ආයිමත් දවසක...26

යශ්....යශ්......."

එයාට තුරුල්  වෙලා හරිම සුවපහසු විදිහට පොඩි එකෙක් වගේ නිදන් ඉන්න යශිරව යාන්තමින් හොලවන ගමන් චලන කියද්දි යශිර නැගිටිනව වෙනුවට තව ටිකක් චලනගෙ උනුහුමට තුරුල් උනා ඒත් එක්කම මෙච්චර වෙලා අමාරුවෙන් හදාගත්ත හිත ආයිමත් කෑලි කෑලි වලට විසිරිලා යනව වගේ චලනට දැනෙද්දි යශුර ලොකු හුස්මක් හෙලල ආයි ටිකක් තදින් යශිරව හෙලෙව්වා...

"යශිර මල්ලි......"

"හ්ම්ම්....."

යශිර ඒ වතාවෙ චලනගෙ කටහඩ නිසා නිදිමතේම යාන්තම් ඇස් අරිද්දි එයාගෙ ඇස් ගැටුන එයාගෙ ලගටම වෙලා ඉන්න චලනව..
ඒත් එක්කම්  එයා ගැස්සිලා චලනගෙ තුරුල්ලෙන් ඈත් වුනා.. ගැස්මෙන් ඈත් උනත් පුටුවෙ තිබ්බ අඩු ඉඩ නිසා යශිර පුටුවෙන්  වැටෙන්න යද්දි චලන ආයිමත් යශිරව අල්ලල එයාගෙ ලගට ඇදල අරන් ඉවරයි

" ඔය... තව පොඩ්ඩෙන් වැටෙනව..."

චලන යශිරව එයාගෙ ලගට ඇදල ගන්න ගමන් කිව්වා..

" සො.. සොරි අයියෙ..."

" හ්ම්ම්..."

චලන එහෙම කියලා යශිර ලගින් ඈත් වෙලා යශිරට නැගිටොන්න ඉඩ දෙද්දි යශිර ටක් ගාල නැගිටලා පුටුවෙ වාඩි වෙලා එහෙ මෙහෙ බලන්න සත්තෙ සහස් ලග ඉන්නව නේද කියල මතක් උන නිසා..

" අයියෙ..සහස්..."

"දෙන්න එක්ක දැන් ටිකකට කලින් හොටෙල් එකට ගියා..ඔයාව ඇහැරවන් මටත් එන්න කියන ගමන්..."

"ආහ්.. සොරි අයියෙ මට හොදටම නින්ද ගියා..."

"එච්චර හිතන්න එපා මටත් දැන් ටිකකට කලින් ඇහැරුනේ... හ්ම්ම්.ඇහැරුනේ නෑ ඇත්තටම කිව්වොත් සහස් තමා ඇහැරුවෙ..."

"හ්ම්ම්.. අපිත් යන්ද එහෙනම්.."

"හරි.. ඔයා යන්නකො ඔහොමම මන් විනාඩියෙන් එන්නම්..."

චලන කියලා එයාගෙ ෆෝන් එක අතට ගනිද්දි යශිර චලන දිහා එක වතාවක්  බලලා ආයිමත් එහෙම්ම්ම මුහුද දිහා බලලා ඉදපු තැනින් නැගිට්ටෙ හොටෙල් එක දිහාට යන්න...

චලනට තුරුල් වෙලා එයා නිදාගන්න ඇති කියල යශිර නැගිට්ට මොහොතෙම සැක කරලා ඉවරයි.. ඒක නිසා එයාගෙ හිත පිස්සු වැටෙන්න ගනිද්දි චලන එයාව වැටෙන්න නොදී ආයි අල්ල ගත්ත විදිහ මතක් වෙද්දි යශිරට දැනුනෙ එයාගෙ මුලු  ඇගම රත් වෙනව වගේ... ඒ දැනෙන හැගීම එක්ක එයාට තවත් චලන දිහා බලන්න වත්  චලන ලගින් ඉන්න වත් පුලුවන් උනේ නෑ ඒක නිසාමයි එයා චලන යන්න කියන පරක්කුවට හොටෙල් එකට ආවෙ..

ආයිමත් දවසක .Where stories live. Discover now