ආයිමත් දවසක....27

613 132 10
                                    

ආයිමත් දවසක...27

"සුදු... කොහෙද ඉන්නෙ තවම ගෙදර ආවෙ නැද්ද..."

"හ්ම්ම්..නෑ අයියෙ ...මන් චලන අයියලගෙ දිහා ඉන්නෙ ..."

" ගෙදර එන්නෙ නැද්ද.."

"වහිනවනෙ අයියෙ හොදටම එන්න විදිහක් නැතිව මන් මේ ඉන්නෙ මන් බයික් එකේ ආවෙ.."

"අද පායන පාටක් නෑනෙ සුදූ..."

"ඒක තමා අයියෙ බැලුවෙ මන් හෙට වැඩත් එක්ක..."

" කොහෙද ඔයා ඉන්නෙ ගල්කිස්සේ නේද..."

"ඔව්.."

"ම්.. ඔහොම ඉන්න එහෙනම් මන් එන්නම් එක්ක යන්න..."

යශිරට කෝල් එකෙන් ඇහුනෙ එච්චරයි ඊලග මොහොතෙ කෝල් එක කට් වෙලා ගියා..

යශිර මොකද්ද ඒ උනේ කියල හිත හිත  ෆෝන් එක සාක්කුවට දාගනිද්දි යශිරගෙ වෙනස තේරුන චලන යශිරට කතා කරා...

" යශිර...මල්ලි... මොකද උනේ .. කවුද කතා කරේ..."

" හ්ම්ම්... බිනර අයිය කතා කරේ අයියෙ..."

"බිනර.. ඒ කවුද... "

"ආහ්.... ඒ මගෙ යාලුව විශාල්ගෙ අයියා..."

"හ්ම්ම්..මොකද් කියන්නෙ ඉතින්..."

"නෑ මන් ගෙදර එන්නෙ නැද්ද ඇහුව .."

"ආහ්.... වැස්ස අඩුකරන පාටක් නෑනෙ නේද.. ඔයා මෙහෙ ඉදල යන්න.. මන් ගෙස්ට් රූම් එක හදල දෙන්නම්..."

"හ්ම්ම්ම්... එයා මාව එක්ක යන්න එනවලු අයියෙ ..."

යශිර කියද්දි චලන ටිකක් පුදුමෙන් යශිර දිහා බැලුවා.. ඒ එක්කම චලනගෙ මූනෙ බලාපොරොත්තු බිදිලා ගිය පෙනුමක් මතු වෙද්දි යශිර මේ වෙන දේවල් ගලප ගන්න ලොකු උත්සහයක් ගත්තා...

"හ්ම්ම්ම්... හරි කමක් නෑ එන්න අපි කාල ඉමු..."

...............................................................

හිතේ තිබ්බ කලබලකාරී ගතිය නිසා යශිරට කන්න පිරියක් තිබ්බෙ නෑ..
චලනටත් ඒක දැනුන නිසාමද මන්දා ටිකක් වෙලා යශිර දිහා බලන් ඉදලා කතා කරේ...

" යශිර....."

"ඔව්..කියන්න අයියෙ..."

"කන්නෙ නැද්ද.. බඩගිනී කිව්ව නේද..."

ආයිමත් දවසක .Where stories live. Discover now