ආයිමත් දවසක...28

719 136 18
                                    

ආයිමත් දවසක...28

"ඔයා කාලද සුදු...."

යශිරත් බිනරත් අතර තිබ්බ නිහඩ බව බිදගෙන බිනර කතා කරන්න ගත්තෙ කාරෙක පරිස්සමින් පාර දිගේ අරන් යන ගමන්..

"ඔව් අයියෙ... චලන අයියා නූඩ්ලස් හැදුව..."

"ම්ම්ම් එහෙනම් කමක් නෑ..."

"අයිය කාලද..."

"ඔව් සුදු..විශාල් කෑම ගෙනහල්ල තිබ්බ එලියෙන්..."

"අයියෙ..."

"කියන්න සුදු.."

"ඔයා...චලන අයියව දන්නෙ කොහොමද...."

යශිර හිතේ මෙච්චර වෙලා කැකෑරී තිබ්බ ප්‍රශ්නයක් ඇහුවෙ වෙන සමහර දේවල් වල අගක් මුලක් ගලප ගන්න යශිරට බැරි උන නිසා..

" ඔව්..ඇයි මන් ඔයාට කලින්ම කිව්ව නේද...."

"කිව්වද.. මට මතක නෑ..."

"මන් ඔයා එක්ක කිව්වා.... චලනයි මමයි කාලයක් එකට වැඩ කරා.. මන් හිතන්නෙ චලන මගෙ හොදම යාලුවෙක් විදිහට මන් ආශය කරන්නෙ... "

"ඒත් ඔයා වැඩිය එයා ගැන මාත් එක්ක කියලා නෑනෙ..."

"ම්ම්.. මේ වෙච්ච හැම දේම නිසා මට චලනව සෑහෙන්න මිස් උනා සුදූ.. මිනිහ හරි හොද එකා... "

" ඔව් එයා ඇත්තටම හොද කෙනෙක්..."

යශිර වැහි අදුර අතරින් එලිය බලන කියද්දි බිනර කාර් එකේ වේගෙ ටිකක් වැඩි කරා...

...........................................................

" මන් යන්නද සුදූ..."

"හරි අයියෙ...තෑන්ක්ස් ...."

"පිස්සා.. මොකටද තෑන්ක්ස් කියන්නෙ.. දොරවල් හොදට ලොක් කරගන්න හොදද..."

"හරි අයියෙ...good night ...."

"Good night සුදූ..."

යශිරව ගෙදරින් දාල කාර් එක ආපහු පාරට දාලා ගෙදර යන ගමන් බිනර ආයිමත් කල්පනාවට වැටුනෙ ඇයි එයා ඒ විදිහට හැසිරුනේ කියලා...

චලන හොද කෙනෙක් කියලා බිනර හොදටම දන්න දෙයක් අනික බිනරගෙ විශ්වාසවන්තම යාලුවන්ගෙන් කෙනෙක් චලන ඒත් චලන ලගින් යශිර ඉද්දි බිනරට දැනුනෙ අමුතුම ලෝබ කමක්...
ඒක නිසාමයි කොයි තරම් වැස්ස උනත් ඒ ගැන නොහිතා බිනර යශිරව එක්ක එන්න චලනලගෙ දිහාට ගියෙ...

ආයිමත් දවසක .Where stories live. Discover now