03

972 183 13
                                    

"ස්...සමාවෙන්න....දැක්කෙ නෑ...අනේ සමාවෙන්න..."

රිදුනෙ මට උනත් වචන පැටලි පැටලි සමාව ගත්ත මං මොහොතක් වත් නොයිඳ එතනින් පැනල ආවා...

දවස් ගානක් දහතුන ක්ලාස් පැත්තට ආවත් මම එයාව දැක්කෙම අද....

එයා උසයි....ගොඩක් උසයි....සුදුයි ලස්සනයි...නෑ කඩවසම්....

කවුද ඒ....

"මිහික යමන්..."

"ආහ්..."

"මොන ලෝකෙද ඉන්නෙ යමන්..."

හැප්පුන කෙනා ගෙ සිහියෙන් ඉඳපු මං මේ ලෝකෙට ආවෙ යසිරුවාගෙ කතාකරාම...

"අයිය ගියාද..."

"හ්ම්ම්ම්..."

ඉන්ටවල් ඉවරයි....දැන් ආයෙම වැඩ....පීරියඩ් හතරක් එකදිගට...බයෝ ඩබල් පීරියඩ්....නින්දක් තමයි කෙලිම්ම...

"මේ බන් ඉස්සෙල්ල උබ හැප්පුනේ කාගෙද දන්නවද...."

"නෑ...."

මිස් ගිය ගමන් යසිරුගෙ කච කචේ පටන් ගත්තා....කොහොමත් මුට එක විනාඩි දහයක් කට වහගෙන ඉන්න බෑ....

"ඔමාරා එකේ අයිතිකාරයගෙ පුතා....මගෙ අයියගෙ ක්ලාස් එකේමයි....ඌලු පන්තියෙ පලවෙනියා...මාර බ්‍රයිටෙක්ලු...නම අවීන්..."

"ඉතිං...."

"ඉතිං....නතින්....දැනගන්න කීවෙ...."






𝒯ℴ 𝒷ℯ 𝒸ℴ𝓃𝓉𝒾𝓃𝓊ℯ𝒹

ප්‍රේමය නම්Where stories live. Discover now