Mrs.Jeon & Mrs.Kim ❤️💥

779 61 6
                                    

1995.12.30 එදා Teshuගේ 21 වෙනි උපන්දිනේ . හැමදාමත් වගේ Teshu හවස 4.00 වෙනකොට එයාලා හැමදාම මුණගැහෙන Park එකට ආවා. Teshu එයා ආදරේ කරන කෙනත් එක්ක හවසට මේ park එකට එන්න පටන් අරන් දැනට අවුරුද්දකටත් වැඩී. හැමදාම එයාල ඉදගන්න සුපුරුදු bench එකේම Teshu ඇවිත් ඉදගත්තා. ඒත් දැන් සතියක ඉදන් Teshu Park එකේ හිටියේ තනියම. සතියකට කලින් හෙටත් මෙතනදිම හම්බෙමු කියල ගිය Yuri එදා ගියාට පස්සේ ආයේ Teshuව හම්බවෙන්න ආවේ නෑ. ඒත් Yuri එයි කියන බලාපොරොත්තුවෙන් Teshu හැමදාම park එකට ගියා.

'එයා අද අනිවාරෙන්ම එයි. එයාට මගේ උපන්දිනේ අමතක වෙන්න විදියක් නෑ'

එලිය ගොඩක් සීතලයි. අහස දිහා බලන් හිටිය Teshu ගොඩ කාලෙකට පස්සේ ආයෙත් එයාගෙ අතීතේ මතක් කරා. Teshu කවදාවත් එයාගෙ ඔම්මා අප්පා දැකලා නෑ. එයාට මතක ඇති කාලෙ ඉදලම එයා හිටියේ ළමා නිවාසෙක. Teahuගේ ඔම්මා අප්පා ගැන කිසිම දෙයක් කවුරුත්ම දන්නෑ කෝච්චි පෙට්ටියක් ඇතුලෙ රෙදි ගොඩක ඔතල බාස්කට් එකක දාලා ගිහින් හිටිය Teshuව පොලිසිය ළමා නිවාසෙට ගෙනත් භාරදීලා තිබුනා. Teshu ළමා නිවාසේ හැමෝගෙම ආදරේ මැද්දේ ලොකු මහත් වුණා.ඔම්මා අප්පා නැති අඩුවක් Teshuට කවදාවත් දැනුනේ නෑ. ළමා නිවාසේ හිටිය පාලිකාවො වගේම අනිත් ළමයිනුත් Teshuට ගොඩාක් ආදරේ කරා. Teshuගේ බෝල ඇස්, පිරුනු කම්මුල්,හුරතල් හිනාව වගේම කතාවට දකින ඕන කෙනෙක්ට Teshuට ආදරේ හිතනවා.
ඒ වුණාට ස්කෝලේ යන්න පටන් ගත්තට පස්සේ Teshuගේ ජීවිතේ ගොඩක් වෙනස් වුණා. චූටි කාලෙ ඔම්මලා අප්පලා යාලුවන්ව ගෙනත් ඇරලවන විදිය දැක්කම හුරතල් කරන විදිය දැක්කාම Teshuටත් ඔම්මගේ අප්පගේ උණුහුම ඕන වුණා. කාලෙ ගත වෙලා අවුරුදු 15ක් 16ක් වුණාම Teshu ස්කෝලේ ඇතුලේ bully වෙන්න පටන් ගත්තා. එයාගේ ඇත්ත තත්වේ දැනගත්ත පන්තියේ ළමයි එයාව කොන් කරන්න පටන් ගත්තා. Teshuට 18 ලැබුවට පස්සේ ළමා නිවාසෙන් යන්න සිද්ද වුණා. ඉගෙන ගන්න දක්ශ උන Teshu Seoul university එකට select උනත් ඉගෙන ගන්න වියදම් කරගන්න විදියක් නැති නිසා රස්සාවකට යන්න තීරණේ කරා. Interview දහයකට විතර ගියාට පස්සේ Teshuට Min company එකේ Job එකක් ලැබුනා. Data entry කෙනෙක් විදියට වැඩට ගිය Teshuට Yuri හම්බුනේ එහෙදි. Yuriත් Min company එකේ Data entry කෙනෙක් විදියට වැඩ කරා. Yuriත් Teshuගේ වයසෙම නිසා එයාල ඉක්මනින්ම හොද යාලුවෝ උනා. Yuri ටිකක් තද ගති පැවතුම් තියන ගෑනු ළමයෙන් වුණා. අවුරුද්දක් විතර ගත වෙද්දි Teshuගෙත් Yuriගෙත් යාලුකම ආදරේකට පෙරලුනා. දෙන්නා දෙන්නට ආදරේ කලත් ඒ වෙනකොට තිබ්බ සමාජ වාතාවරණය නිසා දෙන්නගෙන් කවුරුත් අනිත් කෙනාට තමන්ගේ හිතේ තියන දේ කියන්න සමත් වුණේ නෑ. ඒත් එක්කම Yuri කියන්නෙ Min Company එකේ අයිති කාරයගෙ දුව කියලා Teshuට දැනගන්න ලැබුනා. Yuriට company එකේ වැඩ මුල ඉදන්ම ඉගෙන ගන්න ඕන නිසයි එයා data entry කෙනෙක්ගේ ඉදන් වැඩ කරන්න පටන් ගත්තේ. එයා company එකේ හැමෝගෙන්ම වගේම Teshuගෙනුත් මේ දේ හැංගුවා. ඒත් මාස 03 කට කලින් Mr.Min එයාලගේ අලුත් CEO Yuriව company එකට අදුන්නල දුන්නා. ඒ නිසා තමන්ගේ හිතේ තියන හැගීම Yuriට කියන අදහස Teshu අත ඇරියා. ඒත් එයාල හැමදාමත් හොදම යාලුවෝ වගේ හිටියා.

✅ Cherry blossoms after winter 🌸 TaeKook Sinhala  Where stories live. Discover now