Chapter 4

311 81 77
                                    

මගේ පුංචි කුමාරි දන්නවද__ පුංචි කුමාරයට එයාගේ නපුරු කුමාරයා කොච්චර රිද්දුවත් එයා කවදාවත් නපුරු කුමාරයට වෛර කලේ නෑ! මොකද එයා දැනන් හිටියා මේ මොහොතේ නපුරු කුමාරයගේ හිත කොහේ නැවතිලා තිබ්බත් තාමත්හිතේ එයා වෙනුවෙනුත් පුංචිම හරි ආදරයක් තියෙනවයි කියන්න!

ජිමින් කියද්දි පුංචි කෙල්ල ඒ පපුව උඩින් ඔලුව තියන් එයාගේ පපාගේ ලස්සනම ඇස් දිහා බලන් හිටියා!

~..........~

ඇයි මෙච්චර පරක්කු වෙනකල් ඇහැරන් හිටියේ ඔයා ආහ්? මං කොච්චර කියලා තියේද ඔයාට නිදිමරන්න එපා කියලා සොකී!

ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා හිටිය යුංගි කිව්වෙ ටිකක් තරහින්! එයාගේ මූනෙන් එයා වද වෙන තරම හොදටම පෙනුනා!

මං තියන්නම් සොකී! නිදි මරන්නැතුව නිදාගන්න ඔයා! අපි හෙට හම්බෙමු! හැමදාම වගේ මං ආදරෙයි!

කෝල් එක එහාපැත්තෙ කෙනා කියපු දේවල් අහන් හිටිය යුංගි අන්තිමේදි කෝල් එක කට් කරලා දැම්මෙ ස්ක්‍රීන් එකේ වැටිලා තියෙන වෙලාව දිහාවට ඇස් අරන් යන ගමන්!

එකොලහයි පනස් දෙකයි!

යුංගි එයාටම කියාගන්න ගමන් ඇස් දිවෙව්වෙ එයාලාගේ වොශෲම් එක දිහාවට! තාමත් ඒකේ ලයිට් එක ඔන් එකේ තියනවත් ඒක ඇතුලෙන් රෙදි මදින සද්ද ඇහෙනවත් එක්කම මෙච්චර වෙලා යුංගිගේ හීනි තොල් වල ඇදිලා තිබ්බ සැනසිලි හිනාව අතුරුදහන් වෙලා ඒ මූන සම්පූර්න හිස් උනා!

එයා එහෙම්ම ඇදෙන් නැගිටලා ගියේ වොශෲම් එක දිහාවට!

ඔය ඇති! නිදාගන්න එනවා!

𝗪𝗶𝘁𝗵𝗶𝗻 𝘁𝗵𝗲 𝗙𝗮𝗯𝗹𝗲 (𝘆𝗺𝘀) ✔Where stories live. Discover now