Chapter 12

274 80 76
                                    

දන්නවා නේද ඔයා අපේ පුංචි කුමාරයා ගැන?

හුගක් හොදට දන්නවා පපා! මගේ ඒන්ජල්... පුංචි කුමාරයා!

කෙල්ල රෝස තොල් අදින ගමන් කියන හැටි එයාගේ පපා දිලිසෙන ඇස් වලින් බලන් හිටියා!

ඉතින්... ඒ වගේම මගේ පුංචි කුමාරි දන්නවා නේද නිර්බීත පුංචි කුමාරයා ඊලගට කරපු දේත්!?

හුම්ම්! මගේ පුංචි නිර්බීත කුමාරයා, එයාගේ නපුරු ඔම්මා වෙනුවෙන් එයාගේ ජීවිතේ ගැන නොහිතම ඒ වෙනුවෙන් ඉදිරිපත් උනා!

පංඩිත කමින් කියවන කෙල්ලගේ රෝස කම්මුල් එයාගේ පපා හාදු වලින් වහලා දැම්මා!

~..........~

පාර අයිනේ තමන්ව විසි වෙලා ගිහින් වැටුනු විදිහටම යුංගිගේ ඔම්මා ඉදගෙන බය වෙලා බලන් හිටියා! එයාගේ ඇස් එයා ඉස්සරහා හිතන හැම දේම හරිම නරක විදිහට සටහන් කර ගත්තා!

ජ්..ජිමින්? ජිමින් එපා!

පාර මැද වැටිලා ඉන්න හුරුබුහුටි කොල්ලා ලගට වටේම කට්ටිය එකතු වෙද්දි යුංගිගෙ ඔම්මා කාපට් පොලවෙ ගලන් යන තද රතු උනුසුම් ලේ දිගා බලන් ලාවට තොල් හෙලෙව්වා!

ඇම්බියුලන්ස් එකක් ඇවිත් පුංචි කොල්ලව හොස්පිට්ල් අරන් යනකනුත් එයා එහෙමම ඒ පොලව උඩම ඉදන් හිටියා!

මේ ගෑනු කෙනා ඒ ලමයාට ටිකකට කලිනුත් හරි නැහැදිච්ච විදිහට කතා කලා! ඒ කරලත් ඒ ලමයා මේ නාකි මනුස්සයා වෙනුවෙන් මොකට පැන්නද මට හිතාගන්න බෑ!

ඇක්සිඩන්ට් එක උනු තැනට ආව පොලිස් අයට එතන හිටිය මනුස්සයෙක් කියනවා කන් වලට පැහැදිලිවම තදින්ම වදිද්දි යුංගිගෙ ඔම්මාගේ නපුරු ඇස් වලින් නොදැනිම කදුලක් කඩන් වැටුනා!

ජිමින් ඔයා... ඔයා මං වෙනුවෙන්...!?

එයාට ගොත ගැහුනා! ජිමින් එහෙම නොකරන්න දැන් එතන ඉන්නෙ තමුනුයි කියන්න ඒ හිත කෑගැහුවා! කොහොම බේරෙන්නද හර්ද සාක්ශියෙන්!

මැඩම් ඒ ලමයව දන්නවද?

තවමත් එහෙමම පාර අයිනේ වාඩිවෙලා හිටිය යුංගිගෙ ඔම්මාව නැගිට්ටවලා එයාගෙන් පොලිස්මන් කෙනෙක් අහද්දි එයා හීනෙන් වගේ ඔලුව වැනුවා!

𝗪𝗶𝘁𝗵𝗶𝗻 𝘁𝗵𝗲 𝗙𝗮𝗯𝗹𝗲 (𝘆𝗺𝘀) ✔Opowieści tętniące życiem. Odkryj je teraz