ආයිමත් දවසක 29

826 130 41
                                    

ආයිමත් දවසක...29

බිනර කිව්වා වගේම පැයක් ඇතුලත යශිරලගෙ ගෙදරට ආවෙ මහ වැස්සෙමයි.ගෙදර ඉස්සරහ  ලයිට් එක දාගෙන යශිර ඉස්තෝප්පුවට වෙලා ඉන්නව බිනර කාර් එක වත්තට දාද්දිම දැක්කා..
බිනර එනකම් මග බලන්  ඉන්න යශිරව දැක්කගම බිනරට දැනුනෙ එයාගෙ පපුව අමුතුම තාලෙකට ගැහෙන්න ගත්තා වගේ..
බිනර එනකම් කවදාවත්ම කවුරුවත් මගබලන් ඉදලා නැහැ මෙච්චර කාලෙකට
ඒත් මේ අහම්බෙන් ජීවිතේට ලන් වෙලා ඉන්න පොඩි කොල්ලා එයා එනකම් මග බලාගෙන ඉන්නව දකිද්දි ඇත්තටම ජීවිතේ පලවෙනි වතාවට  ඒ අහිංසකයව ජීවිතේ තියන තුරාවල ලගින් තියාගන්න ඕනි කියන හැගීම බිනරගෙ පපුවටම දැනෙද්දි එයා කාර් එක ගේ ඉස්සරහ නතර කරා...

කාර් එක නවත්තලා බිනර එයාගෙ එහාපැත්තෙ සීට් එක උඩ තිබ්බ කෑම පාර්සල් එක අතට ගරගෙන කාර් එකෙන් ටක් ගාල බැහැලා අඩියට දෙකට ඉස්තෝප්පුවට යද්දි යශිර වාඩිවෙලා ඉදපු තැනින් නැගිටල  බිනර ලගට ආවා...

" මොකෝ මග බලන් ඒ තරම් බඩගිනිද..."

බිනර යශිරව අවුස්සන්න වගේ අහද්දි යශිර ඇස් පොඩි කරල බිනරට එරෙව්වා...

" ඔව් ...අනික මන් ඉදියෙ මේක එනකම්.. නැතුව ඔයා එනකම් නෙවෙයි..."

බිනරට දිවත් දික් කරලා යශිර බිනරගෙ අතේ තිබ්බ කෑම පාර්සල් එකත් ඇදන් ගෙට යද්දි බිනර යශිරගෙ පස්සෙන් ගෙට යන්න පටන් ගත්තෙ හිනා වෙන ගමන්...

යශිර කෝපි දෙකකුත් හදාගෙන කෑම මේසෙට යද්දි බිනර ෆෝන් එක දිහා බල බල ඉදලා පැත්තකට දැන්මෙ මෙච්චර වෙලා බෑග් එකට දාල තිබ්බ කෑම පාර්සල් එක එලියට අරගෙන දිග අරින්න පටන් ගන්න ගමන්...

"විශාල් ගෙදර ඇවිල්ලද අයියෙ..."

"ම්ම්..නෑ ඔන්න දැන් මැසේජ් එකක් දාල තිබ්බා  එන්නෙ නෑ හොටෙල් එකක ඉන්නෙ ඒ ඉදල හෙට උදේ  එන්නම් කියලා...."

"හ්ම්ම්...."

යශිර කියලා එයා ඉස්සරහ දිග ඇරල තිබ්බ කෑම පාර්සල් එක දිහා බලාගනිද්දි බිනරට තේරුනා කොල්ල අවුලෙන් තමා ඉන්නෙ කියලා...

" ඒහ් එච්චර හිතන්න එපා විශාල් ලගදිම ඔයා එක්ක කලින් වගේම කතාබහ කාරාවි..."

ආයිමත් දවසක .Where stories live. Discover now