Chapter 03

133 34 36
                                    


  දෙපසින් පසු කරන පොත් සාප්පු වල විනිවිද පෙනෙන වීදුරු ජනෙල් අතරින් පොත් පත් මහා ගොන්නක් රාක්ක වල පොදි ගැහී වුන්නා. නමුත් පොත් සාප්පු වීදිය තුල නම් ඒතරමටම කලබලකාරී වාතාවරණයක් නම් දකින්නට තිබුණේ නෑ. සෑම පොත් සාප්පුවකම ඉස්සරහා දෙදෙනෙකුට ඉද ගත හැකි ප්‍රමාණයේ කුඩා බෙන්ච් කිහිපයක් නිර්මාණය වී පවතිද්දී අතරින් පතර ඒවායෙහි පවා හිස් වූ ඉඩ පැවතියා. තමා පසු කරන් යන පොත් සාප්පුව ඉස්සරහා එක් කොනක වූ කුඩා බෙන්ච් එක දෙස බැලූ ටේහ්‍යාන්ග්, ඒ අසලම අනෙක් බෙන්ච් එක දෙසත් බැලුවා. එහි හිස් නොවුණු සෑම බෙන්ච් එකකම වැඩි වශයෙන් අසුන් ගෙන සිටියේ උපැස් පැලදි මහලු පිරිස් වන අතර, අතරින් පතර යෞවන පොත් ගුල්ලන් කිහිප දෙනෙකුද වූවා. නමුත්, මේ වීදිය මේ පිරිසටත් වඩා තවත් කාර්යබහුල වුණා නම්, ? ඒක කොයිතරම් නම් සතුටුදායක දසුනක් ද ?

" මෙහෙ මිනිස්සු, පොත් වලට ඒ තරම් කැමැත්තක් නෑ වගේ නේද හියුන්ග් ? "

ඔවුන් පසු කරන් යන සාප්පුව ඉදිරිපිට බෙන්ච් එක මත වාඩි ගත් මහලු ජෝඩුව වෙත බලා, ඈත රෙදි සාප්පු වීදිය වෙත නොකඩවා ඇදෙන තරුණ ජෝඩු වෙත තම අවධානය ලබා දෙමින් ටේහ්‍යාන්ග් මද පහත් ස්වරයෙන් විමසුවා. එකම චිකාගෝ අහස යට ආසාවන් දෙකක්. සමහර විට, ඔවුන් පසු කරන කාලයේ වැරැද්දක් ද මේ ?

" ඇයි ටේහ්‍යාන්ග්ට එහෙම හිතුණේ,, කවුරු වුනත් මේ පොත් වල රහට හරි ආසයි, කැමතියි ටේහ්‍යාන්ග් .. ඒත් මිනිස්සුන්ගේ කාර්යබහුල ජීවිතය, ඒ වගේ රස බර ඇබ්බැහිවීම් එයාලගෙන් උදුර ගන්නවා..
අපි කැමති වුනත් නැතත්, ඒක තමයි ජීවිතේ .. "

හෙමි හෙමින් වීදිය දිගේ ඉදිරියට ඇදුණු ඔවුන් ඒ හුරුපුරුදු පොත් සාප්පුව වෙත ඇතුළු වුණා . ටේහ්‍යාන්ග්ට නම් තවමත් මෙය ආධුනික තැනක් වෙද්දී, පොත් කියන්නේ නම් ඔහුට කිසිසේත්ම ආධුනික දෙයක් නොවූවා. පිටුපසට දිවෙන විශාල පොත් රාක්ක එකිනෙකට පසු එකිනෙක වශයෙන් පෙල ගැසී තියෙද්දී සාප්පු දොර විවෘත වනවාත් සමග ඔවුන් ඒ පොත් වලින් හමාගෙන ආ සුවද ඇස් පියන් විද ගත්තා. කඩහිමි තැනැත්තා ඔවුන්ව කලක සිට දන්නා මෙන් පිලිගනිද්දී, නම්ජූන් ඔහුට මෙහි පැමිණි අලුත් ආගන්තුකයාව හදුන්වා දුන්නා. තම ගමන් මලු, ඉදිරියෙන් වූ රාක්කය මත නිදහස් කෙලවරකට වන්නට තැබූ ඔවුන් එකිනෙකාගේ රසිකත්වය මත වෙන්වුණු පොත් රාක්ක අතර සැගව ගියා.

Pain of Heart || Taekook Where stories live. Discover now