Chapter 04

133 35 51
                                    

  පැවති චංචල කාලගුණය එලෙසම රැදෙමින් වේගවත් සතියක් නිමා වෙමින් අලුත් වැසිබර අදුරු සතියක් උදා වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

  පැවති චංචල කාලගුණය එලෙසම රැදෙමින් වේගවත් සතියක් නිමා වෙමින් අලුත් වැසිබර අදුරු සතියක් උදා වුණා. දිගු ලොම් කබා ගත දවටගත් බොහෝ පිරිස් දුම්රිය නැවතුම් අසල,  බස් නැවතුම් අසල පිරෙමින් සුපුරුදු කාර්යබහුල ජීවිතයට නැවත පිවිසෙමින් සිටියා. ඉර එළිය තමන්ව අවදි කිරීමටත් ප්‍රථම අවදි වූ ටේහ්‍යාන්ග් බැල්කනි වැටට තම බද පෙදෙස හේත්තු කර ගනිමින් දෑත් විහිද දෙඇස් පියාගත්තේ චිකාගෝ හුලගට තම ගත ස්පර්ශ කිරීමට අවසර දෙමිනි. චිකාගෝ නගර මධ්‍යයේ සිට ඕක් පාර්ක් දෙසට හමන ලයාන්විත සීතල හිමිදිරි සුලග ටේහ්‍යාන්ග් ඇද සිටි සුදු බැගී කමිසය මත දැවටෙමින් කාමරය තුල සැගව ගියා.

ඈත දෙපසට වැනෙන ඕක් ගස්, දැවැන්ත ගොඩනැගිලි අතර මද අදුරු චිකාගෝ පරිසරයේ ඈත කෙලවරක ඒ සුන්දර විශ්ව විද්‍යාලයේ ඡායා මාත්‍රයක් ටේහ්‍යාන්ගේ තියුණු ඇස් සොයාගත්තා. අලුත් ජීවිතයක්, අලුත්ම තැනක. බැල්කනි වැටෙන් අඩි කිහිපයක් පිටුපසට ගොසින් කාමර බිත්ති ඔරලෝසුව දෙස බැලූ ටේහ්‍යාන්ග් බැල්කනිය මත වූ හාන්සි පුටුව මත ඉද ගනිමින් එහි ඇන්දේ පෙරලෙමින් ඇති පොත තම අත් අතරට ගත්තා.

" ද වොර්ලේසා.. "

අහඹු සිදුවීමකින් ඇරඹෙන සරාගී ප්‍රේම සම්බන්ධයක මුල, මැද, අග වටා ගෙතෙන ජර්මන් ' ද වොර්ලේසා ' හි පිටු කිහිපයක් කියවා නිම කර තිබූ ටේහ්‍යාන්ග්, නිමා කල පිටු අතරට තවත් පිටු කිහිපයක් එකතු කරා. වැසිබර වටපිටාවක් වුවත්, තවමත් වැස්සක ලකුණු චිකාගෝවෙහි මැවී නොතිබුණා. හිමිදිරි සීතල හුලගේ පවා වෙනසක් නොතිබ්බත්, පෙර සූදානම නිසාදෝ රේන්කෝට් කබා, කුඩ අතට ගත් පිරිස් පයින් හෝ වාහන මතින් විටෙන් විට චිකාගෝ නගරය වෙත ඇදී යමින් සිටියා. ඔය අතර, පොත් අතර වූ ටේහ්‍යාන්ගේ අවධානය එයින් ගිලිහී ගියේ, බංගලාව ඉදිරියෙන් වැටුණු පාරෙන් අදත් සුපුරුදු ලෙසින් ඇවිද යමින් සිටි ඒ පුරුදුකාරයා වෙතටයි.

Pain of Heart || Taekook Where stories live. Discover now