🌝💔

329 52 35
                                    


ඇයි මිනිස්සූ මෙච්චර නපුරු ?

🙂💔

මං හැමෝගෙන්ම වගේ අහගත්ත වචනයක් තමා "උබට කොච්චර කලත් වැඩක් නැ " කියන එක..

ඇත්තටම කිව්වොත් ,

මමයි ඒක කියන්න ඕන එයාලට 🙂

සමහර මිනිස්සූ වෙනුවෙන් අපි නොකරපු දෙයක් නැ

හැබැයි ඔය කොයි දේ කලත්  අන්තිමේදී

වැරදිකාරයා උනේ මම 🙂💔

............................................................

🙂💔 චූටි කතාවක් 💔🙂

දවසක් අවුරුදු පහලොවක චූටි කෙල්ලෙක්

හිතින් ආදරේ කලා අවුරුදු 30 ක පිරිමියෙකුට

ඔහුට අවුරුදු 30 ක් උනාට

ඔහුගේ කඩවසම් බව තිබුනා අවුරුදු 20ක කොල්ලෙක්ටත් වඩා වැඩිය

ආදරේද වයස ආදාලද 🙂💔

මට හිතෙන විදිහෙන්නම් නැ

ඉතිම් ඒ චූටි කෙල්ලට

දවසක් ඕන උනා ඒ කඩවසම් තරුනයා එක්ක

එක වචනයක් හරි කතා කරන්න

ඇය කතා කලා ,

ඔහුත් කතා කලා ,

අන්තිමට ඔවුන් ආදරේ කරන්න ගත්තා

හැබැයි ඒ තරුණයා චූටි කෙල්ලට හැමවෙලේම කියපු දෙයක් තිබුනා

" නංගි ඔයාට හොද ජීවිතයක් තියනවා හොදට ඉගෙනගන්න..මාව ඔයාට ගැලපෙන් නැ "

මුල් වචන ටිකෙන් කෙල්ලගෙ හිතට සතුටක් ආවත් අන්තිමට ඔහු කියපු වචන පොඩි එකීගෙ හිත ඕනවටත් වඩා රිද්දුවා.

නමුත් ඔහු ඒ වචන ටික කිව්වේ

යටි අරමුනක් හිතේ තියාගෙන කියන බව

පොඩි එකී දැනන් හිටියේ නෑ....

කාලේ ගෙවිලා ගියා

දෙන්නගෙම ආදරේට දැන් අවුරුදු එක හමාරක්

පුංචි පුංචි රන්ඩු හිත් රිදීම් අස්සේ

ආදර කතාව ගලන් ගියා...🙂💔

නමුත් හැම ආදර කතාවම ලස්සන වෙන් නැ...

අර තරුනයාගේ යටි හිතේ තිබුන අරමුන තාමත් ඉටු උන් නැ...

දවසක් තරුනයා කෙල්ලට කෝල් ගත්තා

ඔහු කිව්වා ඇයට ,

" මට ඇත්තටම ආදරෙයිනම් මට ඔයාගෙ හැමදේම බලන්න ඕනී "එහෙම නැත්තන් මේ සම්බන්දේ තියෙන් නැතිවෙයි."

පොඩී එකී පැකිලුනා

ඒත් ඔහු කියපු අන්තිම වචනෙට

ඇය ඕනවටත් වඩා බය උනා

අනේ ඉතිම් ඒ අසරනී

තරුනයට හා කියලා කිව්වා

එදා මොර සූරන වැස්ස දවසක්

නැවතත් තරුනයා පොඩි එකීට කෝල් එකක් ගත්තා

ඔහු ඇයට කිව්වා ඔහුගෙ ගෙදරට එන්න කියලා

ඇයත් වැස්සෙම ,

තරුනයාගේ ගෙයි දොරකඩට ගාවට ගියා

පසුව ,

ඔහු තරුනියව ගේ ඇතුලට ඇදලා අරන්

දොර වහන්න යනකොටම

පොඩි එකී පැනලා ගෙදර දිව්වා .

ඇයගේ වාසනාවකට ඇය එදා බේරුනා

කෙල්ල ගොඩක් ඇඩුවා

ඒකිගෙ පලවෙනි ආදරේ

මේ වගේ එකක් වෙයි කියලා ඇය කීයටවත් හිතුවෙ නැ

එදායින් පස්සේ ,

ඇය බයවුනා පිරිමි විශ්වාස කරන්න

ඒ චූටි හිතට දැනෙන දුක දරාගන්න බැරිවෙද්දි ,

ඇය අදුරට ඇබ්බැහි උනා

මානසිකව වැටුනා

සමාජෙන් ඈත් උනා

පුලුවන් තරම් තනියෙන් කාලෙ ගත කලා

මිනිස්සූ ඉස්සරහට යන්න බය උනා

නමුත් ,

කාලයක් යද්දි ඇයට හම්බෙනවා

ඒන්ජල්ස්ලා හත්දෙනෙක්

ඉතිම් ඒ ඒන්ජල්ස්ලා

මේ පොඩි එකීට

ජීවත් වෙන්න බලාපොරොත්තුවක් ,

නැවත නැගිට්න්න ශක්තියක් ,

දුන්නා.........................

ඇය ඇයගේ ජීවිතේ හදාගත්තා............

ඇය අදටත් පිස්සුවෙන් වගේ ඇබ්බැහි වෙච්ච දෙයක් තියනවනම් ඒ BTS විතරමයි...........................

මනුස්සයෝ ආශ්‍රය කරද්දී පරිස්සමෙන් 🙂

මොකද අද සමාජේ කාවවත් විශ්වාස කරන්න හරි අමාරුයි .................

ඉතිම් නොගැලපෙන බැදීම් නිසා

ජීවිතේ හොදම කාලේ විනාස කරගන්න එපා......

Love yourself

                &

.......Never give up...

MY LITTLE DYNAMITE _💣 Where stories live. Discover now