𝐶ℎ𝑎𝑝𝑡𝑒𝑟 03 [𝐿𝑎𝑠𝑡 𝑐ℎ𝑎𝑝𝑡𝑒𝑟]

18 9 8
                                    

"ඒ වුණාට මායාකාරියගේ කේන්තිය නිවුණේ නම් නෑ..  'කපු කටින රෝදයේ කටුවෙන් කුමරිය මරණය හා සම නින්දකට වැටේ...' කියලා ඒ පුංචි කුමරියට ශාප කරා... ඒ එක්කම ක්‍රියාත්මක වුණ ප්‍රධාන සුරංගනාවිය එයාගේ බලයෙන් මායාකාරියව පන්නලා දැම්මා. ඒ එක්කම ප්‍රධාන සුරංගනාවිය 'කුමරිය පිළිබඳව සැබෑ ආදරයක් හඳේ තියෙනා මැයගේ කුමාරයාගේ සැබෑ ආදරයේ හාදුවක් ලැබුන සැනින් මේ ශාපය බිදී යයි ' කියල... ඊට පසුවදා රජතුමා රාජ්‍යයේ තියෙන සියලුම ඉදිකටු වාගේ  දේවල් ඇයින් කරා. ඒ රාජ්‍යයේ ජනතාවත් එකතු වුණේ ඒ කුමරියට තියෙන ආදරේ නිසා... ඒ වාගේම ඒ වාගේ උල් දේවල් වලින් පුංචි කුමරියව ඈත් කරන්න ගත්තේ නැති උත්සාහයක් නෑ... "

"ඊට පස්සේ??"

"හම්... ඊට පස්සේ...
මේම කාලයක් ගත වුණා... මේ පුංචි කුමරිය ලොකු වෙලා ලස්සන කුමාරිකාවක් වුණා... ඒ කුමරිය හරිම කරුණාවන්තයි... ඒ කුමරියට කඩවසම් කුමාරයෙක් ආදරේ කරා... මේ හැම දෙයක්ම අසුබ විදියට වෙනස් වුණේ එක්තරා දවසක් ඒ කුමරිය එයාගේ රෝස පාත්තිය බලන්න ගිය වෙලාවේ ඒකෙ තියෙන රෝස මල් කටුවක් ඇණුන නිසා..."

"අනේහ්... ඊලගට එයාට මොකද වුණේ??"

" ඉතින් එයා ඒමම  දීර්ඝ නින්දකට ගියා... එයාගේ අතේ රෝස මලක් වරදින්නේ නෑ... ඉතින් මේ ගැන ඒ කුමාරයාත් අර මායාකාරියත් දැන ගන්නවා... ඒ අවස්ථාවේ මායාකාරීය කියනවා ' මම ඒ ශාපය කඩන්න දෙන්නේ නෑ . මම ඒ කුමාරයාවත් මරනවා' ඒත් දෛවය මෙයාලාගේ පැත්තේ හිටගත්තේ... ඒ මොන බාධක තියෙනවා වුණත් අන්තිමට ඒ කුමාරයාගේ ආදරය ඒ පුංචි හාදුවෙන් කුමරියට දැනෙන්න දුන්නා... "

"ඊට පස්සේ එයාලා සතුටින් ජීවත් වුණා නේද???"

"අනිවාර්යයෙන්ම... ගොඩාක් සතුටින් ජීවත් වුණා"

"අනේ... ශෝයිනේ "

"මම යන්න ඕන.. ගොඩාක් පරක්කු වෙලා... හෙට ඕන කථාව කියන්න.. "

"හරි.. "

ඒ එක්කම මම ඉක්මනට එලියට ආවේ හිතුවේ නැති විදියට පරක්කු වුණ නිසා... මම නිසා ජිනිත් පරක්කු වෙනවා...

𝑆𝑙𝑒𝑒𝑝𝑖𝑛𝑔 𝑏𝑒𝑎𝑢𝑡𝑦  [B-D Gift || Complete]Where stories live. Discover now