2📌

25 4 6
                                    


Dont you wanna be my soldier...
stay....stay..

එලාම් එකේ සද්දෙට මන් ගැස්සිලා ඇහැරුනා...
අද මොන්ටිසෝරි පටන් ගන්න දවස..

🎀 හබී...නැගිටින්න...

🥊 තව විනාඩියක් බබී...

🎀 ලමයි දෙන්නව ලෑස්ති කරන්න ඕන මනුස්සයෝ...

ඒ පාර නම් ඔරික් එකපාර ඇදේ ඉදගත්තා...

🥊 මොන්ටිසෝරි පටන් ගන්නව නේද???

🎀 ඔව්ව්...

මම මූන හෝදන් කෑම හදලා දෙන්නගෙ බෑග් දෙකටත් දාලා ගියේ දෝනිව ඇහැරවන්න...

🎀 සෝයි බබා...උදේ වෙලා ජෝයි ආන්ටි එන්න කලින් ඔයාව ලෑස්ති කරන්න ඕනේ..

💫 පෙයිරි ගෝඩ් මාම්...

🎀 හයියෝ...තාත්ති ගියා අයියව ඇහැරවන්න...එන්නකෝ ඔයා අම්මි ගාවට...

💫 තාත්ති නැත්තම් මන් නැගිතින්නෙ නෑ...

සෝයි ආය අනික් පැත්ත හැරිලා නිදාගත්තා...
යසයි මේ කෙල්ල නම්...මන් එතකොට එයාගෙ අම්මා නෙමේද...

එතකොටම ඔරික් කායිව වඩාගෙන කාමරේ ඉස්සරහින් ගියා...

🎀 හබී...ලොකූව මට දීලා ඔයා ගිහින් ඔයාගේ ෆෙයරිව නැගිට්ටවන්නකෝ...

🥊 හයියෝ බබී චූටිව නැගිට්ටවන්න බැරිද ඔයාට

🎀 ෆෙයරි ගෝඩ් මාම් ඕනලූ

🥊 මේ කෙල්ලත්...

ඔරික් ලොකූව මට දීලා චූටිව ඇහැරවම්න ගියා





☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆


🔍 අම්මී අද ඔපිස් යනවද...

🎀 ඔව් පැටියෝ...තාත්තියි මායි දෙන්නම යනවා...

🔍 ඔයාලාට ලොකු ලොකු නිවාඩුනේ දෙන්නෙ ඔපිස් වලින්....

🎀 අම්ම්...මේකනේ මේ ටිකේ ගොඩක් වැඩ තිබ්බෙ නෑ....

🔍 එහෙනම් තාත්ති මොනාද රැ එලිවෙනකම් ඔෆිස් රුම් එකට වෙලා කොල වල කුරුටු ගෑවේ...

🎀 මේකනේ...

🥊 ලොකූ....මොන්ටිසෝරි වෑන් එක ඇවිල්ලා...

වාසනාවට ඔරික් කිව්වේ....කායි මගෙ කම්මුලට කිස් එකක් දීලා බෑග් එකත් එල්ලන් ගේට්ටුව ගාවට ගිහින් වෑන් එකට නගිද්දි ඔරික් මට එහා පැත්තෙන් ඉද ගත්තා

Spy familyWhere stories live. Discover now