3📌

17 3 0
                                    


🐧 ඇත්තටම ද??

🎀 හී....ඔව්

🐡 ඔය දෙන්නා මැරි කරලද

කෙවින් ඇහුවේ ෆේත්ටයි බ්ලූම්ටයි ඇගිල්ල දික් කරලා

🦇 හම්මෝ....ඒ ගැන නම් හිතන්නවත් එපා කොල්ලෝ

🎀 ඒ දෙන්නා ඉස්සර ඉදන්ම වයසක තනිකඩ ස්පයිලා දෙන්නෙක් වගේ ඉන්න ඕන කිය කිය හිටියේ

🦋 ඔරික්ට හොස්පිට්ල් යන්න ගහන්න කලින් උබත් එහෙමනේ

🎀 හරි හරි බං ඉතින්...

එතකොටම මිස්ටර් රෙක්ස් ආපු හින්දා කතාව නවත්තපු අපි මිශන් එකට අවදානෙ යොමු කරා

👨‍💼 ලමයි ටික අදුර ගත්තද...

🥊 ඔව් මිස්ටර් රෙක්ස්

👨‍💼 එහෙනම්  අපි කතාවට බහිමු නේද ගයිස්

🦋 රයිට්...අලගිය මුලගිය තැන් ඔක්කොම ටික ඕනේ

👨‍💼 මිස්ටර් කාටර් ඔයාලට ඒ දේවල් කියයි තව සතියකින්...

🥊 තාත්තා????

👨‍💼 ඔව්...

🦇 මිස්ටර් කාටර් මැදිහත් උනා කියන්නේ මේක ලොකු දෙයක්

👨‍💼 ඔව් බ්ලූම්....ඔයාලා දන්නවද මෙච්චර කාලෙකට ස්පයිලට අල්ලගන්න බැරි උන සංවිදානය ගැන

🐧 සීක් (zeek) ඒක නේද...

👨‍💼 ඔව් සරීනා ඔයා හරි

🐧 ඒත් සර් සීක් එකට අපි ඇටෑක් කරන්නෙ මොකද....සීක් කියන්නේ අපිටත් වඩා සංවිදානයක්නේ...අනික ඒක ජනාධිපති සහතිකත් අරන් තියන සංවිදානයක්

👨‍💼 ඔව්...ඒත් ලගදි සීක්ලා අපිට කරේ හොද දේවල් නෙමෙයි
සීක් වල හෙඩ් තමා Zoren

රෙක්ස් අපි ඉස්සරහින් සොරේන්ගේ ෆොටෝ එකක් තිබ්බා...මැදි වයසෙ පසු උනත් සොරේන්ට තිබ්බෙ කඩවසම් පෙනුමක්..දකුනු කම්මුලේ තුවාල කැලලක් තිබ්බත් එයා දුශ්ටයෙක්ට වඩා නිර්බීත මනුස්සයෙක් වගෙයි පෙනුනේ

👨‍💼 මේ එයාගෙ වයිෆ් kara එයාව නම් අපිට අදාල වෙන්නෑ මොකද මිට අවුරුදු පහලවක විතර කලින් කාරා මැරුනා...
මේ සොරේන්ගෙ දකුනු අත එයාගේ ලොකු පුතා zeyn මේ වම් අත දෙවනි පුතා ethan මේ ඉන්නේ බාලයා නැත්තම් මේ කෙල්ල තමයි මුලු සීක් එකේම කම්පියුටර් හැඩ්ල් කරන්නේ කෙල්ලගෙ නම klera

කාරාගෙ ෆොටෝ එක තියන්න ගිහින් ඒක නොවැදගත් නිසා සෙයින් , ඊතන් , ක්ලේරා තුන් දෙනාගෙයි සොරේන්ගෙයි ෆොටො වල කොපි අපි ඔක්කොටම බෙදල දුන්නා

🐡 සර් අපි මෙයාලාව හොයන්නද ඕනේ

👨‍💼 නෑ නෑ කෙවින්...මිශන් එකේ අපේ ප්‍රදාන හතුරො ටික ගැන පොඩි විස්තරයක් තමා මම ඔය දුන්නේ

🥊 තව ඩීටල්ස් ටිකක් දැනගන්න පුලුවන්ද

👨‍💼 තව සතියකින් මිස්ටර් කාටර් ඔයාලට ෆුල් විස්තර ටික කියයි...

🎀 ම්ම්ම්...සර් මිශන් එකට කොච්චර කාලයක් යයිද දල වශයෙන්...සර් දන්නවනේ .....

👨‍💼 අහ්...ඔය දෙන්නව ගෙන්නන්න කලින් මම ගොඩක් කල්පනා කරා...
මන් මෙහෙම ඇහුවට වරදවා හිතන්න එපා සාරා....ඔයා පෙග්නට් නෑනේ

🎀 නෑ නෑ සර්...

👨‍💼 කලින් මිශන් එකේදි උන දේ මතකනේ

🎀 ඔව්...ස...සර්

👨‍💼 ඔය දෙන්නව ටිකක් පර්සනල් හම්බෙන්න ඕන කිව්වා මිස්ටර් කාටර්ට...

🥊 අහ්...අදම යන්නම් සර් මම

👨‍💼 ඒ වගේම ඔය දෙන්නා ඕන දේකට සුදානමින්ද ඉන්නේ....

🎀🥊 ඔව්

👨‍💼 අනික් අය

🦋🦇🐧🐡 ඔව් සර්

👨‍💼 රයිට්...ෆේත් බ්ලූම් ඒජන්ට් කායිව හම්බෙන්න...සරීනා ඔයා මිසිස් කෝඩ්ව හම්බෙන්න....කෙවින් මිස්ටර් රොක් හම්බෙන්න ඔයාලට අවශ්‍ය දේවල් එයාල කියයි...ඔය කපල් එක කාටර්ව හන්බෙන්න

මිස්ටර් රෙක්ස් එහෙම්ම එලියට ගියේ මගෙ හිත ටිකක් බය කරලා

🎀 හබී...

🥊ම්ම්ම්ම්

🎀 අර දෙන්න නැතුව ගොඩක් කල් ඉන්න පුලුවන්ද

🥊 බය වෙන්න එපා බබී...යන ගමන් තාත්තා හම්බෙලාම යන්

🎀 හ්ම්ම්ම්


Spy familyWhere stories live. Discover now