04

1.1K 188 20
                                    

Taehyung pov

මම අර මෝඩ කොල්ලා පස්සෙන්ම උගෙ කාමරේට ගියා. අපේ අම්මටත් ඉතින් නිකන් ඉන්නම බෑනෙ මේ මලහෝන්තුවගෙ කාමරේටම මට යන්න කිව්වනේ. ඉන්න හැටි ලොකු නිල් පාට පිජාමා එකක් ඇඳන්. ඒ මදිවට ඒකෙ හාවොත් ඉන්නවා. අනික එක කරක් පාත් වෙලා බිම ගෑවෙන්න වගේ. මොකට මෙච්චර ලොකු ඒවා අඳිනවද මන්දා.

" එන්න ටේහ්යුන්. ඇවිත් වාඩි වෙන්න. "

කලින් වොෂ් රූම් යන්න ආවත් හරි මට මෙයාගෙ රූම් එකවත් හරියට බලා ගන්න බැරි වුණානේ. රූම් එකෙනුත් එන්නෙ මෙයා ගාවින් එන්න අර නෙළුම් මල් සුවඳ. නිකන් මේක මල් වත්තක් වගේනෙ අප්පා. පියෝ බ්ලඩ් ඇල්ෆා කෙනෙක් නිසා වුල්ෆ් යන්තම් මන් පාලනය කරන් හිටියත් අරූට නම් ඒක බෑ වගේ. ඒ මෝඩයගෙ ඇස් රතු පාටයි. මොන සුවඳද දන්නෑ එයාට මන් ළඟින් එන්නෙ කියලා අහලා බලන්න ඕනි.

මන් එහෙම්ම ගිහින් වාඩි වුණේ ජන්කුක්ගෙ ඇඳෙන්. කාමරේ එළිය වුණේ පොඩි ටේබල් ලෑම්ප් එකකින්. මන් ඇඳෙන් වාඩි වෙද්දි ජන්කුක්තුත් හැදුවෙ මට එහා පැත්තෙන් වාඩි වෙන්න.

" මේ මොන විකාරයක්ද. වෙන තැනකට ගිහින් වාඩි වෙනවා මගේ ඇඟ අස්සෙ රිංගන්නැතුව. "


හොඳ වැඩේ. දැන් තියෙන්නෙ මූණ නිකන් පැණි වරකා ගහට හෙන ගැහුවා වගේ. තව ටිකක් බය කරලා ගත්තනම් මෙතනම අඬවන්න වුණත් පුළුවන්. අපෝ මෙහෙමත් බොළඳ චරිත.


මන් බැන්නට පස්සෙ එයා ගිහින් කබඩ් එක ළඟින් බිමින් කබඩ් එකට හේත්තු වෙලා. කකුල් දෙකත් ළගට අරන් ගුලි වෙලා නිකන් හීතලේ වගේ. මටත් දැනුයි තේරුණේ එයාගෙ රූම් එකේ ගොඩක් සීතලයි කියලා. මෙයාලගෙ ගෙදර හීටර් එක කැඩිලවත්ද. ඒ වුණාට පහළදි සීතලක්වත් දැනුණෙ නෑනෙ. අනික ඇයි මේ මනුස්සයා බිම ඉඳගෙන කරන්නෙ. පුටුවකින් වාඩි වෙන්න පුළුවන්නෙ.

මන් එයාගෙ රූම් එක වට පිට බැලුවත් මට කිසිම පුටුවක් තියා මේසයක්වත් හොයා ගන්න බැරි වුණා. කාමරේටම තිබුණෙ එයාාග ඇඳයි කබඩ් එකයි පෙඩ් ස්ටූල් එකයි ටේබල් ලෑම්ප් එකයි.


𝐑𝐞𝐣𝐞𝐜𝐭𝐞𝐝 𝐌𝐚𝐭𝐞 ||Taekook|| CompleteNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ