11

1.2K 202 73
                                    

Taehyung pov

කොහොමින් කොහොම හරි මමයි ජන්කුක්තුයි හිටියෙ චෙරි කන්දට යන ගමන්. ජන්කුක් මාත් එක්ක යන්න බෑ කියලා එතන දහ අට සන්නිය නටන්න හැදුවත් අර එයාලගෙ ජින් හ්යුන් එක පාරයි කට ඇරියෙ ඔය දැන් මාවත් පාස් කරන් මටත් ඉස්සරහින්ම යනවා.



චෙරි කන්ද කියන්නෙ අපේ පැක් හවුස් එකට ටිකක් පිටිපස්සට වෙන්න තියන පොඩි කන්දක්. කන්දෙ නම වගේම මුළු කන්දම පිරිලා තියෙන්නෙ චෙරි මල් ගස් වලින්.




මට ඉස්සරහින් ලොකු කළු පාට පෙට්ටියක එයාගෙ ස්නයිපර් ගන් එකත් තියාගෙන කළු පාට අත් දිග ෂර්ට් එකකුයි කළු පාට පෑන්ට් එකකුයි ඇඳන් ජන්කුක් හති අරිනවා. සාමාන්‍යයෙන් වුල්ෆ්ලට මහන්සි දැනෙන්නෙ නෑනෙ. මෙයාට මොකද වෙලා තියෙන්නෙ ආ.


" ජන්කුක් ඔයාට මහන්සිද. මොකක්හරි අසනීපයක්ද. "


" මන් ජන්කුක්ගෙ උරහිසකට අත තියලා අහද්දි ජන්කුක් මගේ අත ගසලා දැම්මා. "



" ඩෝන්ට් ටච් මී කිම් ටේහ්යුන්. "



වට් ද ෆක්.. මෙච්චර වෙලා කට පියන් හිටියම හිතන් ඇත්තෙ මූට මන් බය වෙලා ඉන්නවා කියලා වෙන්නැති.




" තමුසෙට මොකක්ද වෙලා තියෙන්නෙ. ඇයි මාව මඟහරින්නෙ ආ. ඇයි මාත් එක්ක කතා නොකරන්නෙ ආ.. කියනවා ජන්කුක්. "



මගෙත් තරහව පිට පනිද්දි මට යන්තමින් තේරුණා මගේ ඇස් රතු පාට වීගෙන ඇල්ෆව ඇහැරෙනවා කියලා.



" තමුසෙගෙ ඔය මහලොකු ඇල්ෆට මන් බය නෑ. මට ඕන්නම් මන් කතා කරනවා ඒ මගේ හැටි. මන් මෙහෙට ආවෙ තමුන් එක්ක දහම් කරුණු සාකච්ඡා කර කර ඉන්න නෙවේනෙ. ආවනම් කට පියාගෙන පාර පෙන්නන එකයි ඇත්තෙ. මන් මුලින්ම තමුසෙ එක්ක එන්න බෑ කිව්වෙත් ඕකමයි. කොහෙද ජින් හ්යුන්ටත් පාඩුවෙ ඉන්න බෑනෙ ෂිට්. "



දෙයියනේ ඒ කටට වචන ගලන හැටි. මනුස්සයෙක්ට පුළුවන්ද ඔච්චර ඉක්මනට ඉක්මනට වචන එකතු කරලා බනින්න. ඒවා හරියට වචන නෙමේ පිහි පාරවල් අනිනවා වගේනෙ.



" තමුසෙගෙ ඔය කට වැඩියි. හොඳින් කතා කරාම එනවා මෙතන කරේ නගින්න. කන්දට යන්න තව ගොඩක් දුර යන්න ඕනි. පරිවර්තනය වෙනවා තමුසෙගෙ වුල්ෆ් විදියට. එතකොට ඉක්මනට යා ගන්න පුළුවන් අපිට. "



𝐑𝐞𝐣𝐞𝐜𝐭𝐞𝐝 𝐌𝐚𝐭𝐞 ||Taekook|| CompleteWhere stories live. Discover now