43 ( Final )

1K 181 120
                                    

Author pov


" ඇල්ෆා අපිට ලෝටස් පැක් එකෙන් ඇටෑක් එකක්. "

මූන් පැක් එකේ ආරක්ෂාව සම්බන්ධව කටයුතු කරන පාක් බෝගම් කොහේද මන්දා ඉඳන් හති දාන ගමන් කඩන් පාත් වුණේ මූන් පැක් එකේ ඇල්ෆා ගාවට. නිකන්ම ඇල්ෆා නෙමේ මූන් පැක් එකේ පියෝ බ්ලඩ් ඇල්ෆා ළඟට.


" ආයිෂ් මේ ලෝටස් පැක් එකේ මෝඩ නරියො ටිකට එක විනාඩියක් නිකන් ඉන්න බැරි හැටියක්. "


එක අතකින් නළලත් පිරිමැදපු ඇල්ෆා බෝගම්ගෙ පස්සෙන්ම ගියේ මින්සෙන් බෝඩර් එකට. මින්සෙන් බෝඩර් එක කියන්නෙ ලෝටස් පැක් එක වගේම මූන් පැක් එක එකිනෙකාගෙන් වෙන් වෙන සීමාව. ඉතින් මේ වෙද්දිත් මූන් පැක් එකේ සේරම හැත්ත බුරුත්ත දඬු කිනිසි අරන් තව ටික දෙනෙක් තුවක්කුත් අරන් තව ටික දෙනෙක් එයාලගෙ වුල්ෆ් ස්වරූපයටත් පත් වෙලා මින්සෙන් බෝඩර් එක ගාව ගොරවා ගොරවා ඉන්නවා.


බෝගම්ගෙ පස්සෙන් මූන් පැක් එකේ ඇල්ෆා දිග අඩි තිය තිය වේගෙන් එද්දි එක තැන රොක් වෙලා ඉඳපු මූන් පැක් එකේ සේනාව ටික්ක එහාට මෙහාට වුණේ එයාලගෙ ඇල්ෆට තිබ්බ ගෞරවයට වගේම ඇල්ෆට බෝඩර් එක ළඟ සිද්ද වෙන දේ සුපැහැදිලි දසුන් සහිතව බලන්න ඉඩ දෙන්න.



ගමකට ගහන්න වගේ ආපු ඇල්ෆා ඔළුව අත ගහ ගත්තෙ පඳුරක් අස්සෙ හැංගිලා ඉඳලා ලෝටස් පැක් එකේ සීමාවෙ ඉඳන් මූන් පැක් එකේ සීමාවට ආපු කෙනා දැකලා. එහෙම්ම බෝගම් පැත්තට හැරුණු ඇල්ෆා බෝගම් දිහා මරාගෙන මැරෙන තරමෙ බැල්මක් දාද්දි බෝගම්ට උන් හිටි තැන් පවා අමතක වුණා.



" මොකක්ද බෝගම් කලින් කිව්වෙ මට. ලෝටස් පැක් එකෙන් ඇටෑක් එකක් කියලා නේ කිව්වෙ. මේකද... ආ මේකටද දැන් ඇටෑක් එකක් කිව්වෙ. "



පියෝ බ්ලඩ් ඇල්ෆා අර පඳුරක් අස්සෙ ඉඳන් එළියට බැහැපු කෙනා  දිහාවට අත දික් කරලා කියද්දි වටේ පිටේ හිටිය උන්ට පණ යන්න හිනා. ඇල්ෆා ඉස්සරහා හිනා වෙලා දත් ටික බඩට යවා ගන්න උවමනාවක් නැති නිසා කට්ටියම හිනාව කාගෙන හිටියා.


" නෑ ඉතින් මේ පඳුරක් සර සර ගෑව නිසා මන් හිතුවේ ඇටෑක් කියලා. "


𝐑𝐞𝐣𝐞𝐜𝐭𝐞𝐝 𝐌𝐚𝐭𝐞 ||Taekook|| CompleteWhere stories live. Discover now