ආයිමත් දවසක....30

701 120 24
                                    

ආයිමත් දවසක....30



හ්ම්ම්ම්.. මේ අයියෙ මන් ඔයාගෙන් දෙයක් අහන්න ඉදියෙ..."

"ඔව් අහන්න...."

"ඔයා යශිර ගැන මොකද හිතන්නෙ..."

 සහස්ගෙ හදිස්සි ප්‍රශ්න කිරීමෙන් චලන ටිකක් කලබල උනත් එයා ඒක එලියට නොපෙනෙන්න සාමාන්‍ය විදිජටම කතා කරා...

"යශිර හොද ලමයෙක් මල්ලි.. අවංකව මහන්සියෙන් වැඩ කරන අවංක කොල්ලෙක්..."

චලන එයාගෙ හිතේ අවන්කවම යශිර ගැන ඇදිලා  තිබ්බ සිතුවිල්ල හරිම කෙටි වචන ටිකකට ගොනු කරලා කියල දැන්මෙ එයාගෙ හිතේ යශිර ගැන පිරිල තියන අනික් හැගීම් යාන්තවත් එලියට නොදැනෙන්න...

" ඔය කිව්වෙ මැට්ටා...මන් ඇහුවෙ එහෙම දෙයක් ගැන නෙවෙයි....මමත් දන්නව යශිර අහිංසක අවංක හොද කොල්ලෙක් කියලා..."

"ඔයා එහෙනම් මොකක් ගැනද අහන්නෙ සහස්.. මට තේරෙන්නේ නෑ..."

"මන් අහන්නෙ ඔයා යශිරෙට කැමැතිද නැද්ද කියලා..පුලුවන්නම් මෙ පාරත් ප්‍රශ්නෙ අනික් පැත්ත හරව ගන්නකො...."

සහස් අත් දෙක එකට බැදගෙන තර්ජනාත්මක විදිහට  අහද්දි චලන හිනා වෙන ගමන් සහස් දිහා හැරුනේ හොද හුස්මක් අරගෙන...

"මන් යශිරට කැමතියි... නෑ මන් හිතන්නෙ මන් ඒ පිස්සු මැට්ටට ආදරේ කරන්න පටන් අරන්...."

චලන සහස්ගෙ ඇස් දිහා බලන් කියද්දි සහස්ගෙ ඇස් වල තිබ්බ අමුතුම පෙනුම චලනට කිව්වෙ සහස් මේ හැම දේම දැනගෙන තමයි එයාගෙන් ඔය දේ ඇහුවෙ කියලා..

" ඉතින් කොච්චර දවසක  ඉදන්ද ඔයා මේ ගැන සැක කරන්න අරන්.."

චලන ඇහුවෙ සහස් කතා නොකර ඉන්න නිසා...

"ටික දවසක ඉදන් මට සැකයක් තිබ්බා.. ඒත් එදා අපි ගාල්ලෙ ගියහම තමයි මට ශුවර් උනේ.."

"ම්ම්.... කවී දන්නව නේද..."

"ම්ම්.. මුලින් නම් නෑ පස්සෙ එයාටත් තේරුම් ගිහිල්ල තිබ්බා..."

"මට හිතුනා..ඒත් මන් බලන් ඉදියෙ දෙන්න කවද මගෙන් ප්‍රශ්න කරයිද කියලා මේ ගැන..."

ආයිමත් දවසක .Where stories live. Discover now