18 වන පරිච්ඡේදය

1.1K 233 9
                                    



"සියුම්! අනේ ඇස් අරින්න...!"

මට මොකද්ද උනේ?? ඇයි මේ හැම දේම කලුවර වෙලා? කෝ අම්බර?... අනේ මගේ ඔලුව...! කවුද මාව හොලවන්නේ? මං පියවි සිහියට ඇවිද්ද? මං මැරිලා නෑනේ ද??

"සියූ...!"

අම්බර! ඔව් ඒ අම්බර තමයි! එයා කලබල වෙලා! අනේ ඇයි? මං ඇස් අරින්න පුදුම දුකක් වින්දා... ඇරලත් මගේ වටේම තාම ලාවට හරි කැරෙනවා. මං කොහෙද ගිහින් හිටියේ..???

"සියූ... අනේ ඔයාට මාව ඇහෙනවද?"

ම්.. හ්

"සියූ...!"

මට දැන් තමයි හරියටම වටපිටාවේ සද්දේ ඇහෙන්න ගත්තේ. ඒකෙන් මං මට ආපු බයටම මගේ අත් දෙක තද කරගද්දි එක අතක මගේ ඇගිලි ඒ වෙද්දිත් තව අතක පැටලිලා තිබ්බේ. ඒ අම්බරද?

"සියූ..."

මං ඉක්මනට සද්දේ ආපු පැත්තට හැරුනා. මම දන්නෑ මට මොනා උනාද කියන්න සමහර විට මාව control නැතිවෙන්න ඇති... ඒත් මට ඒක නොකර බැරි උනා.

"අනේ මාව දාලා යන්න එපා..."

ඒ වචන මගේ කටින් පිට උනාද කියලවත් මටම හිතා ගන්න බෑ. ඊටත් වඩා මට පුදුම හිතුනේ මං හිටියේ අම්බර ගේ ඉන වටේට අත දාගෙන එයා වත් බදාගෙන. දැන් දැන් වෙද්දි මට මොනා වෙනවද ඇත්තටම මට හිතා ගන්න බෑ. මට ජිවිතේට කවම දාවත් දැනුනේ නැති පුදුම බයක් දැනෙනවා.. ඒක මැරෙනවටත් වඩා බයයි. ඒත් මං දන්නෑ මම දැන් බය වෙලා තියෙන්නේ මොනාටද කියලා...

"මං ඔයාව දාලා කොහෙවත් යන්නේ නෑ සියූ... "

අම්බර ඒ කියන ගමන් මගේ ඔලුව අත ගාන්න ගත්තා. දෑන් මට හරිම සැහැල්ලුවක් දැනෙනවා..

"ඔයා මාව හොඳටම බය කරා සියූ... ආයේ එහෙම දෙයක් මට කරන්න ඔයා හිතන්නවත් එපා"

මං දන්නෑ ඇයි මට මෙහෙම දැනෙන්නේ කියලා ඒත් මට දැන් ලෝකේ කාගාවවත් නැති ආරක්ෂාවක් දැනෙනවා. ඒකත් අම්බර ලගදි.. ඒත් ඇයි අම්බර මං නිසා බය උනේ?

කොහොම හරි මං අම්බර ව අත ඇරියා මගේ මුලු ඇගෙන්ම දාඩිය ගලනවා. ඇදුම් නිසා ඒක තවත් වැඩි. ඒක නිසා මං අමාරුවෙන් හරි නැගිටින්න යද්දි අම්බර මාව අල්ලගත්ත.

අපි පියවි ✓Onde as histórias ganham vida. Descobre agora