🌺 අවාරය 3 🌺

3.5K 479 307
                                    

❗ අනෙ photo ටික uplod වෙන්නේ නෑ වස්තුලා...හෙමින් දාන්නම්

"හලෝ...ඒන්තල්..."

.......

"ඔව් ඔව් මේ තදීව්ගේ නුවී බබා කතා කලන්නේ..."

.......

"ආහ් ඔලාට තදීව්ව ඕනද.."

.......

"හලි හලි අනේ..ඔලාට නීතා මන් දෙල්ලම්...නුවී ආතලෙයිනේ ඔලාට....."

......

කොහෙන්දෝ හොයා ගත්ත පරණ බටන් ෆොන් කෑල්ලකුත් කනේ ගහන් මගෙ පොඩි පණ්ඩිතයා හිටියේ එයාම හිතින් මවා ගත්ත කෙනෙක් එක්ක ලොකු කෝල් එකක...කාට උණත් මාව දෙන්නයි කතාව...

"ඒව් අප්පා පපා...මුන් කතුල කනවා අප්පා....වැලිදොව්වො චුප් චුප්..."

.......

"අයිලෝ....මගි පූන් එක පපා..."

අද සෙනසුරාදා උදේ වරුවක් වෙද්දි අපි දෙන්නම හිටියේ කිරි අම්මලගෙ ගේ ඉස්සරහම තිබුණ වැව ගාව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අද සෙනසුරාදා උදේ වරුවක් වෙද්දි අපි දෙන්නම හිටියේ කිරි අම්මලගෙ ගේ ඉස්සරහම තිබුණ වැව ගාව...හරියටම ගේ ඉස්සරහින් ගිය පුංචි වැලි පාරට එපිටින් තිබුණ වැව්දියතැන්නේ ලොකුම වැව අයිනේ කුඹුක් ගස් හෙවන යට තිබුණ ගල්තලාවේ පාමුල වාඩි වෙලා අපි දෙන්නා හිටියේ නොගැඹුරු වතුරෙ කකුල ඔබන්...ඉස්සර මං පුංචි කාලෙ අම්මා අප්පච්චි එක්ක මේ වගේම ගෙවුණ දවස් මගෙ හිත පුරා එබිකම් කරා...නාන්න කියලා වැවට ඇවිත් අපි පැය ගණන්...මේ ගල්පොත්ත උඩට වෙලා වැව දිහා බලන් කියවා කියවා හිටියා....ඉස්සර මං දවසෙ ආසම රාජකාරිය උණේ ඒක...මං උදේ නැගිට්ටේත් රෑ නින්දට ගියෙත් අම්මා අප්පච්චි එක්ක..මේ වැව ළඟ ගත කරන මොහොතවල් ගැන හීන වලින් හිත පුරවන්...ඒ මොහොතවල්...ඒ තරම් ආදරණියයි....

ඒ තරම් ආදරණියයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️💚 CompleteWhere stories live. Discover now