Chapter 09

163 50 26
                                    

මියාරාගේ දවස් ගෙවුනේ කලින්ට වඩා එපා වෙන වතාවරණයක් එක්ක. මොකද ග්‍රැනී නිසා මියාරාගේ සමහර දේවල් ආමාරැ වෙලා තිබුනා. පුරැද්දක් විදියට මියාරාගේ හැම වැඩකටම ඔලුව දාලා අඩුපාඩු බලන එක ග්‍රැනීගේ වැඩක්. ඉතින් මියාරාට මේක එපා කරපු දෙයක්. උදේ නැගිටින තැනේ ඉදන් රෑට නිදාගන්න යන තැනට වෙනකල් මියාරාගේ වගේම සැලීනාගේ හැම දෙයක්මත් දිහා ග්‍රැනී බලන් ඉන්නෙක එයාලට එපා කරපු දෙයක් වුනා.

උදේට නැගිටිද්දි මරීටා එක්ක ග්‍රැනී එයා ඉස්සරහා ඉන්න එක.... බ්‍රෙක්ෆස්ට් එක තනිකරම ෆ්‍රෙෂ් ෆෘට්ස්.. ඇන්ඩ් වෙජිටබල්ස්.. එක්ක ⁣බේක් කරපු මීට් තියන එක.. යුනිවර්සිටි ඉවර වෙලා මාළිගාවට එද්දි ග්‍රැනී එදා උගන්වපු පාඩම් ගැන හොයලා අහන එක.. තත්පර දශමයක් හරි ඩිනර් එකට පරක්කු උනොත් අහන්න වෙන හරිම එපා හිතෙන ⁣ග්‍රැනීගේ ලෙක්චස්.. මදිවට නිදාගන්න යන්න කලින් කරන්න ඕන ⁣බොඩි හෙල්ති රෑටින්.. වගේ දේවල් නිසා මියාරා හිටියේ හෙම්බත් වෙලා. එතකොට යුනිවර්සිටි නැති දවසට ග්‍රැනී එක්ක චෙස් ගහලා හැමදාම පරාද වෙන එක.. රාජකීයන්ගේ නීති ග්‍රැනී පාඩම් ගන්නෙක.. මේවා මියාරාට ජීවිතේම එපා කරන දේවල් උනත් එයාට පෙන්න බැරිම උනේ ග්‍රැනී හෙන අතදරැවෙක් වගේ අර තඩි ජොන්කුක්ව හුරතල් කරන එක.

' මල විකාර......!! "


ජොන්කුක් වගේම ග්‍රැනී වැඩිහරියක්ම කරන්නේ මොකක් හරි වැඩකට නැති ගහක්.. කොළයක්.. මලක්.. ගලක්.. නැත්නම් අහස.. පැය ගානක්ම පේන්ට් කරනෙක. ඒ පේන්ට්ස් හුඟක් ලස්සන එක පැත්තකින් තිබ්බම මියාරාට පෙන්නම බැරි වෙන කාරණය වෙන්නේ එයාව ජොන්කුක්ගෙයි.. ග්‍රැනීගෙයි.. පෙන්ටින් වස්තුව විදියට ගන්න එක. ඉදලා හිටලා අනිවාර්යයෙන්ම මාසෙකට සැරයක්වත් මියාරාට සිද්ධ වෙනවා එයාලා දෙන්නා කියන විදියට එයාලාගේ පේන්ටින් වස්තුව වෙන්න. ඒ දෙන්නාට ඕන කරන ඩ්‍රෙස් එක.. මේක්අප්.. හෙයාස්ටයිල්.. වල ඉදලා ළඟ තියාගන්න දෙයක්.. ඉදගන්න හරි හිටන් ඉන්න ඕන විදිය ඉදන් ඒ දෙන්නා කියලා.. පැය ගානක් එහෙම ඉන්න උනාම මියාරාට එතනම නින්ද යනවා. එතකොට මියාරා කලබලෙයන් නැගිටින්නේ ග්‍රැනී මොන මොනවද කියලා බනිද්දි.

DIMPLE PRINCE || KNJ || COMPLETEDWhere stories live. Discover now