Chapter 10

147 49 22
                                    

මියාරා මාළිගාවේ පඩිපෙළ දිගේ වේගයෙන් ඇවිදගෙන ආවා. කලබලේට එයා වැටෙන්න ගියත් අනුනමයයි දශම ගානට එයා පඩිපෙළේ අත් වැට අල්ලගත්තා. මියාරාගේ පස්සෙන් මරීටා වගේම එයාගේ සේවිකාවෝ දුවන් ආවා.


" ප්‍රින්සස්... මගේ දෙයියනේ දුවන්න එපා.. ක්වීන් කැත්රිනා දැක්කොත් අපි ඔක්කෝම ඉවරයි..."


" ඒක වගේද දැන් එයාම මට කෝල් කරලා පරක්කුයි කිව්වම.. අර එන අය ඇවිත් නම්.. මම කොහොමත් ඉවරයි..!!! "


මරීටා කියන දේකට ඇහුන්කන් නොදුන්න මියාරා වේ⁣ගයෙන් මාළිගාවේ ප්‍රධාන දොරටු දිහාවට ගියා. හදිසියේම මාළිගාවට මේ කඩාපාත් වෙන අය ගැන මියාරා හිත සතුටකින් හිටියේ නැතත් මීට දවස් දෙකකට කලින් එයාව ඩෙන්මාක්වල ප්‍රින්ස් නම්ජුන්ට ප්‍රපෝස් කලා නම් එයාට අනිවාර්යයෙන්ම මේ හමුවට ඉන්න සිද්ධ වෙනවා. ඒ එන අයව පිළිගන්න වෙනවා. මොකද ඒ එන්නේ නම්ජුන්... එයාගේ පපා වුන කින්ග් එරන්.. වගෙම ග්‍රැනී වුන ක්වීන් හෙ⁣ලන්. ඉතින් ඩෙන්මාක්වල ඔල්සෙන් රෝයල් ෆැමිලි එකට වගේම ෆ්‍රාන්ස්වල ඩු හැමේල් රෝයල් ෆැමිලි එකට මේක ⁣විශේෂ අවස්ථාවක්.

මියාරා දොර ගාවටම එද්දිම ⁣කලු පාට මොන්ටෙරෝ හයකට මැදිවුන කලු පාට ජගුවර් එකක් වගේම තද නිල් පාට ජගුවර් එකක් මාළිගා උද්‍යානයෙන් නතර කලා. ග්‍රැනි එවෙලේ එතනින් ඇවිත් හිටගත්ත මියාරාට රැව්වත් රජතුමා එයාලාව පිළිගන්න ඉස්සරහින් ගිය නිසා ග්‍රැනී වගේම ක්වීන් වැනීසාත් එයාලා එක්ක ගියා. සෙලීනා එක්ක මියාරා එයාලට පිටිපස්සෙන් හිටියා.



" ඕ.. හුගක කාලෙකින්.. ආරෝන්.. "


" එරන්.... ඉතින් ගමන අපහසුවක් නෑනේ.."



මියාරාගේ පපා වගේම නම්ජුන්ගේ හැඩහුරැකම් තිබුන අවුරැදු පනස්හතක් විතර වුන කින්ග් එරන් එකිනෙකාව වැළඳගත්තේ හිනාවක් එක්ක. ඊළඟට රජතුමා නම්ජුන්ගේ ග්‍රැනී වුන ක්වීන් හෙලන්ට ආචාර කරලා එයාව පිළිගත්තා. ක්වින් ⁣වැනීසා.. වගේම ග්‍රැනීත් එයාලව පිළිගත්තට පස්සේ එයාලා මාළිගාව ඇතුළට එන්න පටන් ගත්තා. මියාරා මේ දිහා උවමනාවෙන් බලන් හිටියත් කලු පාට ජගුවර් එකෙන් යුන්ගි එක්ක බැහැලා ආව නම්ජුන්ගේ ඇස් එයා දිහාවට තියෙද්දි එයා ඉක්මනින් අහක බලාගත්තා.

DIMPLE PRINCE || KNJ || COMPLETEDWhere stories live. Discover now