ආයිමත් දවසක...31

603 138 27
                                    

ආයිමත් දවසක....31

" මන් ඇතුලට එන්නද...."

විශාල් හරිම සාමාන්‍ය විදිහට අහද්දි යශිර ලොකු හුස්මක් හෙලලා දොර ලගින් ඈත් උනා.

" ලොකු අයිය නැද්ද බන්...."

යශිරගෙ උත්තරයක් බලාපොරොත්තු නොවීම විශාල් අහද්දි යශිර ඉස්සරහ දොර වහලා දාල සාලෙ තිබ්බ පුටුවක් වාඩි වෙලා එයා දිහා බලන් ඉන්න විශාල් දිහා බැලුවා...

"නැහැ..අක්කලගෙ අම්මලගෙ ගෙදර ගියා..."

යශිර පුලුවන් තරම් කෙටියෙන් උත්තර දුන්නෙ හිතේ මතුවෙන හැගීම් හංගගෙන..

" අපරාදෙ මට කෝල් එකක් දෙන්න තිබ්බ්‍ර් එන්න කලින්.. මේ..."

"කියපන්..."

"මට ටී එකක් දීපන්කො.. අර ඉස්සර හදනව වගේ රසම රස එකක්...."

ඉස්කෝලේ කාලෙදි වගේ පොඩි හුරතල් පෙනුමක් එක පාරටම මවාගෙන විශාල් කියද්දි යශිරට දැනුනේ ජීවිතේ කොයි තරම් නම් එයාල දුර ඇවිල්ලද කියලා..

ඉස්සර තමන්ගෙ මුලු ජීවිතයම උන ඒ මනුස්සයා අද කාලෙකට පස්සෙ යශිර ලගට ඇවිල්ල ඉදියත් ඉස්සර වගේ එයාගෙ හිත ආදරේ ඉල්ලලා වත් එයාගෙ ආදරේ නොදැනෙන නිසා  වේදනාවෙන් වත් රිදුන් නොදී හරිම සන්න්සුන් විදිහකට තියෙද්දි යශිර ලොකු හුස්මක් හෙලුව...

" යශ්...."

"ආ.. හර් බන් විනාඩි පහක් දීපන්...."

.........................................................................

කහට වැඩියෙන් දාල ඒකට මයිලෝ හැන්දකුත් කලවම් කරපු යශිර එක කිරි එකක් වෙනුවට කිරි දෙකක්ම හදන් ආයි ඉස්සරහට යද්දි විශාල්  සාලෙ ඉන්නව වෙනුවට ඉස්තෝප්පුවෙ ඉන්නව එයා දැක්ක නිසා යශිර තේකත් අරන් ඉස්සරහටම ගියා...
විශාල් කෝල් එකක ඉදියේ ඒක නිසා යශිර එයාට බාදා නොකර පුටුවකින් වාඩ් වෙලා එයා කතාව ඉවර කරනකම් බලන් ඉදියා...

" ඔව් අයියෙ...
හරි...

ණෑ... මන් කියන්නම්... ඔව්...

හරි ඔයා එන්න එහෙනම් හොදද....

හරි... බුදු සරනයි...."

විශාල් එහෙම කියලා ෆෝන් එක කට් කරලා ඇවිල්ල යශිර අතේ තිබ්බ තේකක් අතර අරගෙන එයා ලගින්ම වාඩි වෙලා උගුරක් බිව්වා...

ආයිමත් දවසක .Where stories live. Discover now