ආයිමත් දවසක....32

640 124 35
                                    

ආයිමත් දවසක....32


කරුවලින් පිරුනු කාර් එක ඇතුල විටෙන් විට පාරෙ අපිව පාස් කරන් යන වාහන වලින් එලිය වෙද්දි යශිර විශාල් දීපුගියපු  පොඩි බොක්ස් එක අතේ තද කරන්ම ඉස්සරහින් ඈතට ඇදිලා තියන පාර දිහා බලන් ඉදියා...

" සුදු මල්ලි...."

බිනරගෙ කටහඩින් යශිර ඉදපු කල්පනාවෙන් මිදෙන ගමන් බිනර දිහා බැලුවා..

"ඔයා හොදින්ද..."

"ම්... ඔව් අයියෙ.... මන් හොදින්....ඔයාට කොහොමද...."

"හොදින් නෑ සුදූ .... ඒත් මේකට හුරුවේවි..."

"මන් ඉන්නවනෙ..."

යශිර කියලා දැන්මේ බිනරට කොයි තරම් දුක ඇද්ද කියලා දැනුන නිසා....

"තෑන්ක්ස්...."

යශිර බිනරට නවතින්න කියල කිව්වත් බිනර යශිරව ගෙදරින් දාගෙන ගියෙ අදට විතරක් ගිහිල්ල එන්නම් කියාගෙන..

දවසෙම ඇවිදල දැනෙන තෙහෙට්ටුව එක්ක ඇදට වැටුන යශිර ලොකු හුස්මක් හෙලන ගමන් ආයිමත් කල්පනා කරේ විශාල්ගෙ මේ හදිස්සි වෙන්වයෑම ගැන.
විශාල් යනව කියලා දැනන් ඉදියා උනත් මෙහෙම හදිස්සියේ එයා යන්න යාවි කියල යශිර හිතුවෙ නෑ...

ආයි හුස්මක් හෙලන ගමන් ඇදේ ඇදේ පැත්තකට හැරන යශිර ඊට පස්සෙ දැන්නෙ ඇද එහාපැත්තෙ  තිබ්බ නයිට්ස්ටෑඩ් එක උන තියල තිබ්බ විශාල් එයාට දීල ගිය පොඩි බොක්ස් එක...

ටිකක් ඒක දිහා බලන් ඉදපු යශිර අත දික් කරලා  ඒක ගන්න ගමන් ඇදේ හොදට හරි බරි ගැහිලා වාඩි වෙලා ඒ බොක්ස් එක වටේ දවටලා තිබ්බ කඩදාසිය ඉරලා දැන්මේ මේ මොකක් වෙන්න ඇද්ද කියලා හිතන ගමන්...

කඩදාසිය අයින් වෙලා මෙරුන් පාට ඝනකම  රෙද්දකින්  හැඩ උන බොක්ස් එකක් එලියට පේද්දි යශිර ඒක ඇරලා බැලුවා...
ඒත් එක්කම සීරුවට නවපු පොඩි සුදු කොලයක් පෙට්ටිය ඇතුලෙ තිබුල විශාල්ග්ව් ඔඩොක්කුවට වැටෙද්දි සුදු පාටට දිස්නෙ ගහන නිල්  පාට වගේම සුදු පාට මැනික් ගල් වලිම් හැඩ දාපු මුද්දක් යශිරගෙ ඇස් වලට පෙනෙද්දි යශිර එයාගෙ ඔඩොක්කුවට වැටුන කොලය හරි හරියට දිහ ඇරියා...

ආයිමත් දවසක .Where stories live. Discover now