Chapter 17

204 40 28
                                    

A/n  ළමයි මම කතාවේ චූටි වෙනසක් කරා . ජැක්සන් කියන්නේ ජන්කුක්ට වඩා අවුරුද්දක් වැඩිමල් කෙනෙක් විදිහට . එතකොට ජන්කුක් ජැක්සන් එක්ක ඇමරිකා ගිහින් ඉගෙනගත්තේ එකටම වගේ නිසා යුනිවර්සිටි එකේ දෙන්නම එකම අවුරුද්දේ


~~~~~~~~


Tae pov



මේ ගෙවුන දින කිහිපය ,  මම හිතන්නේ මගේ ජිවිතේ මම මතක ඇති කාලේක සැනසීමෙන් හුස්ම ගත්තු දවස් ටික . ඔම්මා පරිස්සමින් . චාන්ගා මම ලග . ඉඩෝරයෙන් පස්සේ වස්සානයක් එනවා වගේ  ජිවිතෙත් එහෙම වෙනවා කියලා මම අහලා තිබ්බට විශ්වාස කරේ නැති තරම් . මොකද  ඉඩෝරෙට අහු වෙලා හැමදාම ඉරි තැලුනු මට වැස්සක් තියා වතුර බිංදුවක්වත් ලැබුනේ නැති දවස් මගේ ජිවිතේ ඕනි තරම් තිබ්බා . වතුර බිංදුවක් බලාපොරොත්තු උන මට එක පාරක් වැස්සක් ලැබෙනකොට ඉරිතැලුනු පොලව ආයෙමත් තෙත්  වෙලා යථාතත්වෙට පත් වෙනවා වගේ හැගීමක් මට දැනුනා . ඒ පොලව තෙත් වුනාට පස්සේ ආයෙමත් හැමදේම වෙනස් වෙනවා වගේ මට විශ්වාසයි ජිවිතේ ලස්සනම දවස් ඉස්සරහට එයි .

අප්පා අපිව දාලා යනකොට අපෙ පවුලේ බර කරට ගත්තේ ඔම්මා . එතකොට මටත් යාන්තමට අවුරුදු හය සම්පූර්ණ වෙද්දි චාන්ගට අවුරුදු දෙකක්වත් සම්පූර්ණ වෙලා නෑ . අපි දෙන්නවත් බලාගෙන උදව්ව්ට නෑදෑයෙක්වත් ලග නැති වෙද්දි ඔම්මා අපිට හොරෙන් රෑ දවල් නොතියා ඇඩුවා . අනිත් ලමයි අපිට වඩා සැපවත් ජීවිත ගත කරද්දි  " ඔයිටත් වඩා සැපෙන් ඉන්න ඕනි දරුවෝ දෙන්නෙක් උබලා දෙන්නා කියලා , මම මගේ ජිවිතෙත් විනාස කරන්  උබලගේ ජිවිතේ මම කෑවා . " ඔම්මා හැමදාම ඔහොම කිය කිය අඩද්දි මම තේරුන විදිහට ඔම්මගේ කදුලු පිහදලා ඔම්මා ලගින්ම හිටියා . අපි ඉපදුනු දවසේ දුක් විදපු අය නෙවෙයි . අපිටත් නාන්න තරම් සල්ලි තිබ්බා . ඒත් අප්පා ගියපු දවසින් පස්සේ හැමදේම වෙනස් වුනේ තට්ටු හතරක  බංගලාවකින් , සාමාන්‍ය මනුස්සයෙක්ට ජිවිත් වෙන්න පුළුවන් පුංචි ගෙදරකට වට්ටලා . එදයින් පස්සේ හැමදේම වෙනස් වුනේ අපි නොහිතපු විදිහට . ටිකෙන් ටික කරදඩු උස්මහත් වෙද්දි ගෙදර වියදම් වැඩි වෙද්දි ඉගෙනීම පැත්තක දාලා ගෙදර ඉන්න හිතුවත් ඔම්මා හැමදාම කිව්වේ " මොන දේ උනත් ඉගෙනගන්න එක අතාරින්න එපා පුතේ " කියලා . ඔම්මගේ කීමට වගේම දවසක මේ පවුල ගොඩ ගන්න මට ඕනි වුනා . අන්තිමට අප්පා කෙනෙක්ගේ උනුසුම පොඩි කාලෙදිම නැති වුන මට ගෙදර අප්පගේ චරිතේ බාර වුනා .


𝐁𝐫𝐢𝐠𝐡𝐭𝐞𝐝 𝐁𝐲 𝐇𝐢𝐬 𝐋𝐨𝐯𝐞 ║ 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 Where stories live. Discover now