දෙවනි සිත්තම.. 💚❤️

527 76 30
                                    


" අනේ මගේ පොඩි පුතා .... අද මාර හැන්සම්නේ අනේහ් අම්මට ලෝභත් හිතෙනවා ඔයාව කසාද බන්දලා දෙන්න අනේ මගේ රත්තරං පුතා ... මගේ මැණික ... මගෙ හුරතලේ... මගේ පොඩි එකා ...."

යකොව් අද වෙනකන් මාව බන්දන්න මැරෙන්න හදලා දැන් බයිලාවක් ගහනවා මන්ද කිව්වෙ බදින්නොනේ කියලාහ් අයියෝ කඩවුලේ ....!!!! අනික දැන් මැනිකලු රත්තරංලු හුරතලේලු යකොහ් මෙච්චර කල් නසරානියා ... මෝඩයා.... යක්ශ පැටියා ... ඇබ්බැට්ටයා ... අප්පගෙ කපාපු පලුව කිය කිය දෙස් දෙවොල් තිය තිය බැන බැන මට නම් කාඩ් දුන්න අම්මා නේත මේහ්... සියල්ල අනිත්‍යයි කියන්නෙ ඕකට තමාහ් .. හරියට නිකන් මැරිච්ච මනුස්සයෙක්ගේ මළගෙදර තියන් උගේ නැති හොදත් මව මවා පච අතාරිනවා වගේ අනේද කියන්නෙ....

අම්මා මේ කියවන්නෙ මාව අරහෙට මෙහෙට හරව හරව අර මේකප් අක්කලා සැට් එක මුනේ උලලා උලලා මන් ලස්සන වෙලාලු .. කොමත් මන් හැන්ඩ්සම් එලකිරි ටොප් කොල්ලෙක් තමාහ් බ්‍රෝ ... දැන් මේ මගුලේ වෙඩිමෙන් පස්සෙ බොටමෙක් වෙන එක වෙනම කතාවක් නෑ මන් අහන්නෙ මට බැරිත ටොප් වෙන්න ශාන් කාරයාට බැරිද බොටම් වෙන්න ?? ම්හුක්... මන් තාම මගෙ වෙන්ඩ හස්බන්ඩාව දැකලත් නෑනේ .. එදා අම්මා පොටෝ එකක් පෙන්නන එද්දි පුප ගිනි ගත්ත කඩියා වගේ අලි ටෝක් එකක් දීලා ගස්සන් ගියානේහ්... දැන් ඉතින් රෙද්දක් ඇදන් හස්බන්ඩාගෙ පොටෝව පෙන්නන්න කියන්න බෑහ්නෙ ... අයියෝහ් කඩවුලේ !!! මාලුවා නහින්නෙ කට හින්දා වගේ මන් නහින්නෙත් ලොකුකම හින්තා ම්හුක්... ස්කොලෙ miusic ටීචයි මගෙන් යාලුවෙන්න අහපු කෙම්ලෙකුයි දෙන්නාම ඕක කිව්වා අලිඔලුව තව්සෙගෙ කියලා ... හෝව්.... හෝව් වෙට් අ මිනිට් ඒ කියන්නෙ ස්කොලෙ ටීචත් මට කැමතිද යකොව් බාලාපරාධනෙ මෙව්වා සැක් .. මන් හිතුවෙ නෑ ටීච ඔයා මේමයි කියලා ...

" පොඩි පුතේ ... මේ අහන්නකො ලංකාව වගේ නෙමේ චීනේ හරිම වෙනස් .. මෙහේ හරිම නිදහස් ලංකාවට වඩා .. ඒත් දන්නවද අපි දකින පැත්තට වඩා ගොඩාක් දේවල් තියෙනවා මේ ලෝකේ තෙරුම් ගන්න ... අපි දකින්න ආස ලෝකෙ සතුට හිතෙන අපිව සතුටින් තියෙන දේවල් විතරයි .. ඒත් අපි නොදකින දකින්න අකමැති අවලස්සන පැත්තකුත් ලෝකේ තියෙනවා... ඒක හින්දා ඒක හොදට මතක තියාගෙන ඔයා ජීවිතේ ඉස්සරහට යන්න ඔනී තෙරුනාද පොඩීට ?? අනික අදින් පස්සෙ නසරානි වැඩ කරලා දුවන් ඇවිත් අහිංසකයා වගේ අම්මා ගාවින් අප්පච්චි ගාවින් හිටන් පූස් පැටියා වගේ ඉන්න බැරි වෙයි මොකද ඔයාටත් දැන් ඔයාගේ කියලා පවුලක් හදාගන්න වෙනවා .. ඒ පවුලට මායි අප්පච්චියි අත දාන්න ආවොත් ඔයාගේ කසාද ජිවිතේ විනාස වෙනවා මොකද අපිට අනික් අයගෙ ජිවිතේට මැදිහත් වෙන්න පුලුවන් යම් සීමාවක් තියෙනවනෙ තේරුනාද මගෙ පුතාට ... ඒ හින්දා ඉවසීමෙන් වැඩ කරන්න කියන් නෑ මන් හිතට එකගව කල්පනා කරලා වැඩ කරන්න ඒවගෙම මොනා හරි හිතට අවිශ්වාසයක් සැකයක් ආවොත් කෙලින්ම කතා බහ කරලා විසදගන්න .. අවිශ්වාසය සැකය කියන්නෙම විශ ගොඩක් ...අනික අහන්නකො පුතේ මොන දේ උනත් මේ අම්මයි අප්පච්චියි ඔයා එක්ක ඉන්නවා තේරුනාද ?? ම්ම්ම් " අම්මා කිව්වෙ ඇස්වලින් ලා කදුලු පටලයක් එලියට පනිද්දි....

|| දෛවයක සිත්තම් ||ᶻʰᵃⁿʸⁱ| Ongoing |Where stories live. Discover now