හතර වෙනි සිත්තම...💚❤️

409 63 15
                                    


ශාන්ගේ උනුසුම් පපුවෙන් ලැබුනු උනුසුමත් සමග අභීට දැනුන ආරක්ශාව නිසා ඔහුට ඉක්මනින් නින්දක් ලැබුනා.. එම නිසා වාහනය නිවසේ නතර කල සැනින් ශාන් පරිස්සමෙන්  අභීව රැගෙන කාර් එකෙන් බැහැලා නිවසට ඇතුලු විය...

" පුතේ..... පුලුන් බෝලේට නින්ද ගියාද ?" මිසිස් ශියාඕ ශාන්ගෙන් ඇහුවේ දැසින් යීබෝව පෙන්වන ගමන්...

" ආහ්... මමා කොයි වෙලේද ආවෙ ? කෝ ආන්ටියි අන්කලුයි ගගායී ... ? "

" එයාලා හොටෙල් එක්ක නැවතුනා.. මෙහෙට එන්න කියද්දි බෑ කිව්වානෙ ආය එයාලව දැකලා පොඩි එකා අඩන්න ගත්තොත් කියලා... "

" ම්ම්ම්... ඒකත් ඇත්ත මමා .. මෙච්චර වෙලා අඩලා අඩලා ටික්කට කලින් නින්ද ගියේ... "

" රූම් එකට යන්න පුතේ... ඔන්න ඔයා කිව්ව හින්දාම ඔයාලගෙ හනිමූන් ට්‍රිප් එකත් කැන්සල් කරා.. ඒත් දෙන්නා එක කාමරේක ඉන්න ඔනී තේරුනාද ? මේ පොඩි එකාහෙ හිත රිද්දලා මාව යක්ශනියෙක් කරගන්නෙපා හොදේ ?? "

" අමුතුවෙන් යක්ශනියෙක් කරගන්න ඔනී නෑනේ මමා කෝමත් ඒමනේ ඉතිම් "

" චූටී පුතා..... !!! " මිසිස් ශියාඕ හිනාවෙමින් ශාන්ගේ පිටට පහරක් ගැසුවා...

" යන්න යන්න ... හුරතල් වෙන් නැතුම් පුලුං බෝලේ ඇහැරෙයි "

" හ්ම්ම්.... "

ශාන් යීබෝව රැගෙන ඔහුගේ කාමරයට ගොස් ශාන්ව ඇදෙන් පරිස්සමට නිදි කරවා ඇගට බ්ලැන්කට් එකක් පෙරෙව්වා.

" මගෙ මැණිකහ්.... ඔයාට තාම වෙන දේවල් හිතාගන්න බැරුව ඇති... ඔයාට අමතක දේවල් මතක් වෙනකන් මන් බලන් ඉන්නවා මැනිකහ්.... ඒ අමතක මතක ... මතක් උනත් නොවුනත් මගෙ එකම ආදරේ ඔයයි මගේ පණ ... මන් ආදරෙයි මගේ දග බෝලේ ඔයා තවමත් ඉස්සර වගේමයි ...දගයා..... "

ශාන් දැනෙන නොදැනෙන ගානට සෙමෙන් යීබෝගෙ නළලේ සිපුමක් තැවරුවා...

ශාන් දැනෙන නොදැනෙන ගානට සෙමෙන් යීබෝගෙ නළලේ සිපුමක් තැවරුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
|| දෛවයක සිත්තම් ||ᶻʰᵃⁿʸⁱ| Ongoing |Where stories live. Discover now