විසිදෙවනි සිත්තම ...💚❤️

128 18 7
                                    

එයා මාව අවුස්සනවා .... !!! මටත් හැගීම් දැනීම් තියනවා යකොව් ... හැබැයි ගහගන්න වගේම ගහන්නත් මන් දන්නවා ... කන්නාඩියෙන් මගේ මූන දිහා බලන් හිටපු මට නොදැනීම ඇති වුනේ කටකොනේ හිනාවක් ....
______________________________________

" මගේ රෝස කුසුම ... නුබේ ගතින් හමනා මේ රෝස කුසුම් සුවදට මා ඇබ්බැහි වීලා .. "

" ම්හ්ම් .... "

" මගේ වස්තුව නුබ ... "

" ම්හ්ක් කුමරුනිහ් ... මා හුගාක්ම බැදුනේ නුබේ ඔය නීල දෑසට .. මා නුබව මුලින්ම දුටු දිනයේ මගේ හද ඇද ගත්තේ මේ නීල දෑස් .... "

" මන් ප්‍රේමය කරමි මහ හුගක් මගේ රතු රෝස කුසුමට .... "

_______________________________________

" අභී අයියේඒඒඒඒ .... අභී අයියේඒඒඒ ..... "

හොදටම නින්ද ගිහිල්ලා ඉදපු මාව එකපාරම ඇහැරුනේ යකෙක් ගහලා බෙරිහන් දෙනවා වගේ මොකෙක් හරි මගේ නම කියලා කෑගහ ගහ මැරෙන්න හදද්දී ....

අහලා පුරුදු බෙලෙක් කටහඩක් ...... ටහුඩු චෙනා මල්ලි නේත ... !!

" යකො ... චෙන්  ... ඔය ලමයි දෙන්නට මහන්සි ඇති .. උන් දෙන්නට නිදාගන්න දිලා මෙහෙට වර ... උදේ පාන්දර නහින්නෙ ... "

ලොකූ හීන් හඩින් චෙනාට බනිනවා ... යසයි පොඩි පගයට ... මගේ නින්දත් කෑවා .. මෝඩ හු... හික්... එව්ව් විරාජ් යීබෝ අභිමෙවන් පපාගේ චෑම්ප් නේත මොනාද මේ කියන කුනුහරුප .. එව් ... එව්ව්ව්ව් .....

" රෝස මල ... නැගිට්ටද ... ම්ම්ම්ම් මොකද මේ කුනුකුනු ගගා බනින්නෙ උදේ පාන්දර ... තොල් දෙකත් උල් කරගෙන ... ම්ම්ම් උබේ ඔය කට කාගෙන කාගෙන යන්න හිතයි මට දැන් ... "

" ම්හුක් අයියේ ... මේ ඕවටනම් එන්නෙපා හරිත ... දත් මැදලා ඕන එකක් ... !! කුනුකෙල පිටින් කටකාගන්න පුලුවන්ද ?? හුහ් ... "

මන්  අයියගෙ තුරුලෙන් අයින් වෙලා ඇදෙන් බැහැලාඅ අයියට ගස්සගෙන බාතෘම් එකට ගියා ...

" උබ නම් රන්ඩු කෙක්කක් ... මගේ වයිෆී මැටීරියල් ... එක වෙලාවකට වයිෆ් කෙනෙක් වගෙමයි නේ උබ ... "

" රෙද්ද තමා .. මන් එල කොල්ලෙක් හරිත ... අර සිරිපැරකුම් ෆිල්ම් එකේ කියන්නා වගේ මන් රාජකුමාරයෙක් නෙමේ ගමේ කොල්ලෙක් කියලා .. අන්න ඒවගේ ... මගේ වයිෆ් කෙනෙක් නෙමේ එල හස්බන් කෙනෙක් හරිත ... "

|| දෛවයක සිත්තම් ||ᶻʰᵃⁿʸⁱ| Ongoing |Where stories live. Discover now