ආයිමත් දවසක ...33

584 118 17
                                    

ආයිමත් දවසක.....33

යශිර දැණගෙන ඉදිය උනත් බිනරයි චලනයි පරන හොද යාලුවො දෙන්නෙක් කියලා එක පාරටම ඒ දෙන්න හම්බ වෙද්දි එයටත් ඒ අවස්තාවට මූන දෙන්න වෙයි කියලා යශිර හිතුවෙ නෑ විශේෂයෙන් අද වගේ දවසක එහෙම වෙයි කියලා එයා හිතුවෙ නෑ..

උදේ ලොකු අයිය එක්ක වැඩට ඇවිල්ල හවස බස් එකෙන් ගෙදර යන්න බලන් ඉදපු යශිරට එක පාරටම බිනර කෝල් කරලා එයාව එක්ක යන්න එන ගමන් ඉන්නෙ කියලා කියද්දි හිතට  මොකද්ද මන්දා නුහුරු හැගීමක් එක්ක අමුතුම සතුටක් දැනෙද්දි ආයිමත් ඒ සතුට මැකිලා ගියෙ එයාට ඒක නිසා චලනත් එක්ක බස එකේ  යන්න තියන ගමනට බාදාවෙන නිසා..

කියාගන්න නොදැනුනා උනත් බිනර එක්ක වගේම චලන එක්ක ගෙවෙන මේ හැම මොහොතකටම යශිර දැන් ගොඩක් ආස කරන්න පටන් අරන් තිබ්බා...

බිනරගෙන වගේම චලනගෙන් ලැබෙන ඒ අවදානය පරිස්සම වගේම රැකවරනයට එයා ගොඩක් ආස කරා ඒකට හේතුව මොකද්ද කියලා හරියට ගලප ගන්න බැරි උනත් එයා ඒ හැගීම් වලට ආස කරා...

" සුදූ..බහින්නෙ නැද්ද...."

බිනරගෙ කටහඩින් යශිර ආයිමත් පරන සිහියට එද්දි එයා දැක්කෙ  එයාගෙ දිහාබලන් ඉන්න චලනවයි බිනරවයි...

ඒ දෙන්නගෙම මූනෙ මොකද්ද මන්දා යශිර නොදන්න එකම හැගීමක් හිර වෙලා වගේ නේද කියලා යශිරගෙ හිත කියද්දි යශිර කාර් එකේ දොරේ හැඩල් එකට අත තිබ්බා...

..........................................................................

තුන්දෙනත් එක්ක ටේබල් එකක වාඩි වෙද්දි කොහෙද මන්ද ඉදපු වේටර් කෙනෙක් කඩාගෙන බිදගෙන එතනට ඇවිල්ල එයාගෙ අතේ තිබ්බ මෙනූ කාඩ් එකක් මේසෙ උඩින් තියද්දි තුන්දෙනාගෙන් කලින්ම වාඩි වෙලා ඉදපු යශිර ඒක අතට ගත්තා...

ටිකක් උඩින් පල්ලෙන් වගේ ඒක කියව්පු යශිර ඊලගට කරේ බිනරගෙ පැත්තට මෙනූ එක දෙන එක...

" ඔයාට මොනවද ඕනි සුදූ..."

බිනර අහද්දි චලන ටක් ගාලා බිනර දිහා වගේම යශිර දිහා බැලුවෙ හිතට දැනෙන මොකද්දෝ ලෝබ හැගීමක් එක්ක...එයාටත් ඕනි උනා බිනර වගේම යශිරට කතා කරන්න ඒත් එක්කම චලනට ඕනි උනා එයා එහෙම කතා කරද්දි යශිරගෙ මූනෙ මොන වගේ හැගීමක් ඇදෙයිද කියලා දකින්න.. ඒ ඔක්කොටම වඩා බිනරට යශිර දෙන ඒ සමීප බව අඩුවක් නැතිව එයාටත් ඕනි කියලා චලනගෙ හිත කියද්දි යශිර කතා කරා...

ආයිමත් දවසක .Where stories live. Discover now