ආයිමත් දවසක....34

554 118 29
                                    

ආයිමත් දවසක....34

" බිනර....මොකද බන් උනේ....කරදරයක්ද මොකක් හරි....."

දොර ලගට වෙලා ඉන්න බිනරව දකිද්දි චලන ඇහුවෙ එයාල හවස් වරුවෙත් එකට ඉදලා ආයිමත් රෑත් මෙහෙම ඇවිල්ල ඉන්නව දකිද්දි.

" ටිකක් කතා කරමුද..."

බිනර එයාගෙ අතේ තිබ්බ බියර් ටින් පැක් එක පෙන්නන ගමන් අහද්දි චලන මොකුත්ම නොකියා දොර හොදටම ඇරලා බිනරට ගෙට එන්න ඉඩ දුන්නා..

එලියෙ තියන බෙන්ච් එක ලග කරුවල නිසා දෙන්න එක්ක ඉස්තෝප්පුවෙ තිබ්බ පුටු දෙකක් ලන් කරගෙන බිනර ගෙනාපු බියර් දෙකකුත් අරගෙන බොන්න පටන් ගත්තා...
මුලින්ම දෙන්න අතර ලොකුවට කතා බහක් තිබ්බෙ නෑ ඊට පස්සෙ චලන ඒ නිහඩ බව බිදගෙන කතා කරන්න ගත්තෙ බිනර කතාව පටන් ගන්න පාරක් නොතිබ්බ නිසා...

"මල්ලි හොදින් ඉන්නව නේද.බන්....."

"ම්ම්.. ඔව් බන් එයා ලන්කාවෙනම් නෑ හැබැයි හොදින් ඉන්නවා..."

"ම්ම්..මට ආරන්චි උනා කොල්ල ලන්කාවෙන් ගියා කියලා..."

"ඔව් බන්... මගෙ කැමැත්තක් නම් තිබ්බෙ නෑ එයාව යවන්න ඒත් එයාට හිත හදාගන්න පුලුවන් එකම විදිහ ඒක කියලා එයා කිව්වා.. ඉතින් මන් කොහොමද බන් ඉන්න කියල බල කරන්නෙ..."

"ම්ම්.... උබට පාලුයි නේද...."

"ඔව්.බන්... ගොඩක්... මන් ගෙදරට යන්නෙ රෑට විතරයි.. මට තනියම ඉන්න බෑ බන් ඒ ගෙදර....."

"ම්...මන් දන්නව බන් ඔය හැගීම... මොකද කියන්නෙ .. උබ මාත් එක්ක මෙහෙ ඇවිල්ල.ඉදපන්....."

චලන කියද්දි  බිනට ඇස් ලොකු කරගෙන එයා දිහා බැලුවා...

" ඒත්...."

"නෑ මේකයි ඉතින් උබට මතකද කාලයක් අපි දෙන්න එක බෝඩිමක ඉදන් වැඩට ආවා ගියා.. ඒ කාලෙ පට්ට බන් අනික උබ එක්ක ඉන්න මට පහසුයි..ඉතින් මොකද කිය්න්නෙ උබට මෙතන ඉදන් වැඩි දුරකුත් නෑනෙ ඔෆිස් එකට.. "

"අනේ.. මන්ද බන්... මන් හිතල කියන්නම්...."

"හරි.... මන් බල කරන්න් නෑ ඉතින්..."

"හරි හරි යකූ.. මන් උබට කියන්නම්...."

"ම්ම්ම්.... බිනර මන් දෙයක් අහන්නද...."

ආයිමත් දවසක .Where stories live. Discover now